සේවකයින් 1800 ක් සිටින කඩුවෙල රණාල පිහිටි මංචි බිස්කට් කර්මාන්ත ශාලාවෙන් කොරෝනා ආසාදිතයින් 04 ක් වාර්තාවීම නිසා එම ආයතන ශාඛාව තාවකාලිකව වසා දමන්නට නියම කළ බව


කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී චන්දන පත්බේරිය මහතා දන්වා තිබේ. එම සමාගමේ සියලුම සේවකයිනගේ පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය පටල සාම්පල ලබාගැනීම මේ වනවිට සිදු කර ඇතැයි වාර්තාවේ.
සමාගමේ සියලු සේවකයින් මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇතැයිද වාර්තාවේ. හමුවූ ආසාදිතයින් 04 දෙනා පසුගිය07 වනදා වාර්තාවූ අතර එදින සිට ඔවුනගේ ආශ්‍රිතයින් සෙවීමේ කටයුතු සිදු කරන බවද චන්දන පත්බේරිය මහතා දන්වා තිබේ.