වෛද්‍ය ශිෂ්‍යයන් බිහිකිරීමේ වැඩපිළිවෙළේ පවතින ගැටලු නිසා උසස් පෙළ සමත් වන ශිෂ්‍යයෙකුට වෛද්‍යවරයෙකු බවට පත්වීමට උසස් පෙළ විභාගයට පෙනීසිට වසර දහයක (10දා) ආසන්න කාලයක් ගතවන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සඳහන් කරයි. මේ නිසා උසස් පෙළ සමත් වන ශිෂ්‍යයන් කඩිනමින් වෛද්‍ය විද්‍යාලවලට බඳවා ගන්නා ක්‍රමවේදයක් කඩිනමින් සකස් කළ යුතු බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වසන්ත අල්විස් මහතා පැවසීය. දැනට පවතින ක්‍රමවේදය අනුව උසස් පෙළ විභාගය සමත් වී වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීමට වසරකට වැඩි කාලයක් නිවෙස්වලට වී කාලය ගත කිරිමට ශිෂ්‍යයන්ට සිදුව තිබෙන බවත්, වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසර විභාගය සමත් වී සීමාවාසික
එසේ සීමාවාසික පුහුණුව අවසන් කිරීමෙන් පසු ස්ථිර වෛද්‍යවරයෙකු බවට පත් වීමට තවත් වසරක් දෙකක් බලා සිටීමට සිදුවන බවද වසන්ත අල්විස් මහතා සඳහන් කළේය. 2019 වසරේ උසස් පෙළ විභාගයට පෙනීසිට ඉන් සමත් පිරිස් තවමත් වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් කර ගෙන නොමැති බවත්, මීට අමතරව 2013 වසරේ උසස් පෙළ සමත් වී වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් වූ පිරිස් තවමත් වෛද්‍ය විද්‍යාල අවසන් වසර විභාගයට පෙනීසිට නොමැති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
- ඉන්දික හේවාවිතාරණ-
0 Comments