කොටුව ගාලුමුවදොර ආසන්නයේ පිහිටි පෞද්ගලික ඉදි කිරීම් වැඩිබිමක සේවකයන් 100දෙනකුට වැඩි පිරිසකට කොරෝනා වයිරසය ආසාදනයවි ඇහි බවට වාර්තාවී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මෙම වැඩබිම් සේවකයින් ලැගුම්ගෙන සිටි කොළඹ 02 කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ තෙමහල් ගොඩනැගිල්ලක සේවකයන් 10 දෙනකු මීට දින කිහිපයකට පෙර කොරෝනා වයිරසය ආසාදිතව රෝහල් ගත කර සිට ඇති බවත්, පසුව එහි සිටි සේවකයන් පිරිස පමුණුගම උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනය කරමින් සිට ඇති බවත් සෞඛ්‍ය අංශය සඳහන් කරයි. එම පිරිසගේද පී.සී.ආර්. පරික්ෂණ කර ඇති අතර ඉන්දියන් ජාතිකයන් 54 දෙනා ඇතුළු සෙසු පිරිසටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව එම පරීක්ෂණ වාර්තවලින් තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. මෙම ඉදිකිරීම් වැඩබිමේ සේවකයන් 200 මදනකු පමණ සේවය කරන අතර, කොරෝනා ආසාදිත බවට තහවුරු වූ සේවකයන්ගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් ද පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇතැයි ද සෞඛ්‍ය අංශ පවසයි.
0 Comments