කොරෝනා වසංගත තත්ත්වය හමුවේ බස්නාහිර පළාතේ ධාවනය වන පෞද්ගලික බස්රථ හයදහසක් අතරින් පෙරේදා (16) ධාවනය වී ඇත්තේ බස් රථ දහසක් පමණක් බවත් ඉදිරියේදී එය යථා තත්ත්වයට පත් විය හැකි බවත් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්ත සංජීව මහතා පැවසීය.

කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්ක තුනෙහි ප්‍රාදේශීය කාර්යාල හතක් යටතේ පෞද්ගලික බස් රථ හයදහසක් පමණ බස්නාහිර පළාතේ ධාවනය වන අතර
ඉන් දෙෙනිකව ධාවනය වන්නේ බරථ පන්දහසක් බවත් ඉන් සැලකිය යුතු බස් ප්‍රමාණයක් මේ දිනවල ධාවනය නොවන බවත් පැවසේ.

ඊට හේතු වී ඇත්තේ මේ දිනවල පවතින කොරෝනා වසංගත තත්ත්වය බවද සභාපතිවරයා කීය. පළාතෙහි අඩපණ වී තිබූ පොදු ප්‍රවාහන සේවාව යථා තත්වයට පත්වීමත් සමඟ රජය මගින් පනවා තිබූ සෞඛ්‍යය උපදෙස් පෞද්ගලික බස් රථ තුළ ද ක්‍රියාත්මක කිරීමට මේ වනවිට උපදෙස් ලබා දී ඇති බවද සභාපති ප්‍රසන්න සංජීව මතා පැවසීය.

ඒ අනුව සියලුම රියැදුරු කොදොස්තර මහත්වරුන් මුඛ ආවරණ පැළඳීම, බස්රථවල ඉදිරිපස හා පිටුපස දොරටුව අසල විෂබීජනාශක දියර ස්ථාපිත කිරීම සහ මුඛ ආවරණ පළඳින මගීන් පමණක් බස් රථවල ප්‍රවාහනය කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් ක්‍රියාත්මක කරන ලෙසට උපදෙස් ලබා දී ඇති බවද පැවසීය.

මෙම තත්ත්වය මත ඉකුත් 16 වැනිදා කොළඹ දිස්ත්‍රික්කයෙන් බරථ 518 ක් ද, කළුතරින් බරථ 370 ක් ද
ගම්පහින් බස් රථ 112ක් ද ධාවනය වී ඇති බව කියයි.

මේ වනවිට පළාතේ පෞද්ගලික බස් රථ රියදුරන් විසි දෙනකුට ආසන්න ප්‍රමාණයකට කාරෝනා වයිරසය ආසාදනය වී ඇති බැවින් ඉදිරියේ දී පළාතේ සියලුම රියදුරු හා කොන්දොස්තරවරුන් පී.සී.ආර්. පරික්ෂණයට ලක් කිරීමට සැලසුම් කර ඇති බවද සභාපති ප්‍රසන සංජීව මහතා වැඩිදුරටත් පැවසීය.

- ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න -