කෝවිඩ් 19 වසංගතය ආරම්භ වී මාස 9ක කාලයක් තුළදී දරුවන් අතර මානසික රෝග තත්ත්වය 60%කින් පමණ වර්ධනය වී ඇති බවට වාර්තා වන බව සොඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය මහත්මිය පැවසුවාය.
ඇය මේ බව පැවසුවේ පසුගියදා (21දා) පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකදීය. මෙම අවස්ථාවට සෞඛ්‍ය බලධාරීන් සහ පවුල් සෞඛ්‍ය ස්විකාවන් සහභාගී වූ අතර වෛද්‍යවරිය තවදුරටත් මෙහිදී කරුණු දක්වමින් කියා සිටියේ, ප්‍රතිකාර සඳහා රෝහල්වලට පැමිණෙන දරුවන් වැඩිවෙමින් පවතින අතර මේ බව අංගොඩ මානසික වෛද්‍ය විද්‍යායතනයේ වෛද්‍යවරුන් විසින් පෙන්වාදී ඇති බවය.
පාසල් වසා ඇති දරුවන් අධ්‍යාපනය කෙරෙහි මේ දිනවල වැඩි නැඹුරුවක් සදහා යොමු නොවී ඇති අතර, පාසල් පිවිතයකින් තොරව දරුවන් විශාල ප්‍රමාණයක් නිවෙස් තුළ සිර වී ජීවිතය ගත කරන බවත්, නිවසේ සිටින දරුවන් විවිධ ක්‍රියා කරන අතර වෙනත් නිවෙස්වල ළමයින් සමග එකට කටයුතු කිරීම සිදුකරන බවත් මෙම ළමයින් සඳහා දෙමවුපියන්ගේ නිසි ආදරය නොලැබෙන බවත් ඇය සඳහන් කළාය. මෙම කරුණු ද දරුවන් අතර මානසික ගැටලු ඇති වීමට ප්‍රධාන හේතුවක් බවද වෛද්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.
තවදුරටත් මෙහිදී අදහස් දැක්වූ වෛද්‍යවරිය කියා සිටියේ, 15ත් 18ත් අතර දරුවන් අනවශ්‍ය ලිංගික සබඳතා පැවැත්වීම, සමහර මාර්ගවල ගැවසෙමින් සිටින වැඩිහිටි පිරිස් සමග එකතු වී මත්ද්‍රව්‍ය වැනි දේ කෙරෙහි නැඹුරු වීම අනතුරුදායක ක්‍රියාවන්හි නියලීම වැනි කරුණු මෙහිදී පෙන්වා දිය හැකි බවය.
මානසික වෛද්‍ය විද්‍යා ආයතනයේ වෛද්‍යවරුන් විසින් පෙන්වාදී ඇති කරුණු අනුව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් සති දෙකක් වැනි කාලයක් නිවාස තුළ රැදී සිට පාසල් ආරම්භ කිරීමෙන් පසුව අධ්‍යාපනයට නැවත යොමුවීම තුළින් මෙම මානසික රෝග තත්ත්වය බොහෝවිට මගහැරී යනු ඇතැයිද අයේෂා ලොකුබාලසූරිය මහත්මිය සදහන් කළාය.
- චන්දන සමරවික්‍රම -
0 Comments