ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත 22 වැනි පුද්ගලයාගේ මරණය වාර්තා වී  ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කර තිබේ.

ඔහු 27 හැවිරිදි පානදුර ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මෙම මරණය දිවි නසා ගැනීමක් ලෙස වාර්තා කර ඇති අතර , පසුගිය 31 වැනිදා  ඔහු පානදුර මූලික රෝහලට ඇතුළු කිරීමෙන් පසු කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ඔහු කොරෝනා අසාදිතයකු තහවුරු වී තිබේ.