රජයේ පාසල්වල තුන්වැනි වාරය ලබන 23 වැනිදා ආරම්භ කරනවාද? නැද්ද? යන්න පිළිබඳව, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍
රධානත්වයෙන් අද (18) පැවැත්වෙන කොවිඩ් -I9 වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ රැස්වීමේ දී තීරණය කරන බව අධ්‍යාපන අමාතයාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවැසීය. එම සාකච්ඡාවේ දී ලැබෙන සෞඛ්‍ය නිර්දේශ මත පාසල්වල තුන්වැනි වාරය ආරම්භ කරන දිනය තීරණය කරන බව ද ඔහු සඳහන් කළේය.


පාසල් වසා ඇති කාලය තුළ සිසුන්ට ඔන්ලයින් ඔස්සේ ඉගැන්වීම් හා පැවරුම් මගින් අධ්‍යාපන කරුණු පිළිබඳව අවබෝධයක් ලබාදීමේ වැඩ සටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද මහාචාර්යවරයා පැවසීය. පාසල්වල තුන්වැනි වාරය නොවැම්බර් 9 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද කොවිඩ් -19 ව්‍යාප්තිය නිසා පාසල් ආරම්භ කිරීම සති දෙකකින් කල් දැමීමට රජය තීරණය කළේය.

 -නාලක සංජීව දහනායක-