මීගමුව සහ කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බලප්‍රදේශ තුළින් පෙරේදා (8දා) දක්වා හඳුනාගෙන
ඇති කොවිඩ් - 19 ආසාදිත වූ රෝගීන්ගේ සංඛ්‍යාව 274 කි.
ඊයේ හඳුනාගත් ආසාදිතයන් හතර දෙනාද ඇතුළුව මේ දක්වා මීගමුව නාගරික සීමාවෙන් වාර්තාවී ඇති
සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 151ක් බව මීගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත සෝලංග
ආරච්චි මහතා පැවැසීය.
මෙම හතරදෙනාම එකම පවුලක සාමාජිකයන් වන අතර මව සහ වයස අවුරුදු 12ට අඩු දරුවන් තිදෙනෙක්
ඒ අතර වෙති.
ඔවුන්ගේ පියා පෑලියගොඩ පොකුරේ ආසාදිතයකු වීම නිසා මෙම සිවුදෙනා පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කර
ස්වයං නිරෝධායනයට යොමුකර තිබූ අය වෙති.
කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බලප්‍රදේශය තුළින් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 123කි.
කටාන - බර්ටි වීරසිංහ
0 Comments