අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිවුදෙනකුට කොරෝනා වෛරසය ආසදනය වී රෝහල්ගත කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රකාශ කළේය.
පොලිස් දෙපාර්තමේන්තුව තුළ පොලිස් නිලධාරීන් 182 දෙනකුට කොරෝනා වෛරසය ආසාදිතව ඇති අතර ඉන් බහුතරය වාර්තා වී ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකායෙන් සහ කොළඹ අපරාධ කොට්ඨාසයෙන් බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් 49 දෙනකු ද බොරැල්ල පොලිසියේ නිලධාරින් 15 දෙනකු ද වෙරළබඩ පොලිසියේ නිලධාරීන් 11 දෙනකු ද කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරින් 5 දෙනකු ද බස්නාහිර පළාත් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් 5 දෙනකු සහ පොලිස් ප්‍රභූ ආරක්ෂක බළකායේ සාමාජිකයන් 2 දෙනකු කොරෝනා වෛරසය ආසාදිතයන් ලෙස ඊයේ (3) වනවිට වාර්තා වී ඇතැයි ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය.
කොරෝනා ආසාදිත නිලධාරීන් වැඩි වශයෙන් වාර්තා වන පොලිස් ස්ථානවල මේ වනවිටත් පී.සී.ආර්. පරික්ෂණ නොකඩවා සිදුකරමින් පවතින බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
පොලිස් දෙපාර්තමේන්තුවේ කොවිඩ් ආසාදිත නිලධාරීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කුණ්ඩසාලේ සහ හබරාදුවේ පිහිටි පොලිස් අභ්‍යාස විද්‍යාල දෙක යොදාගෙන ඇති බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කොරෝනා වෛරසය ආසාදිතව ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක ඇතුළු සිවුදෙනකුට බවත් ඔවුන් සේවය කළ අංශයට අදාළ පොලිස් නිලධාරීන් හතළිහකට ආසන්න පිරිසක් නිරෝධායනය සඳහා යොමු කර ඇති බවත් එම දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශයේ ඒකක කිහිපයක් ද තාවකාලිකව වසා දමා ඇති අතර එම දෙපාර්තමේන්තුවේ පොලිස් බැරැක්ක තුළම පොලිස් නිලධාරීන් නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින් 41 දෙනකු කොරෝනා වෛරසය ආසාදිතව පෙරේදා (2) දිනය තුළ
මීගමුව පොලිසියේ නිලධාරියකු, බොරැල්ල පොලිසියේ නිලධාරිීන් 8 දෙනකු, කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරින් දෙදෙනකු, පිටකොටුව පොලිසියේ නිලධාරියකු මෙන්ම කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරියකු කොරෝනා ආසාදිතයන් ලෙස ඊයේ (3) දිනයේදී වාර්තා වූ බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
(නිමන්ති රණසිංහ)
0 Comments