මාවතගම මැටිබොක්ක ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ පවත්වන ලද කඨින පුජාමය පිංකමකට කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සහභාගි වීම හේතුවෙන් ඊට සහභාගි වූ එම
මෙම එම භික්ෂූන් වහන්සේල්ලා පස්දෙනා සමග පිංකමට සහභාගි වූ එම ප්‍රදේශයේ පවුල් කීපයක්ම ස්වයං නිරෝධායනය සඳහා යොමු කළ බව මාවතගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලංකා අමරසිංහ මහත්මිය සඳහන් කළාය. මෙවැනි පිංකම් ඉතා සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුව පවත්වන ලෙසට උපදෙස් ලබාදී තිබුණද ඒ සඳහා පිටස්තර ප්‍රදේශවල පදිංචි පුද්ගලයන්ද සහභාගි වීමෙන් මෙවැනි අවදානම් තත්වයන්ට මුහුණ දීමට සිදුවන බව වෛද්‍ය අමරසිංහ මහත්මිය පැවසුවාය.
-පුෂ්පකුමාර ජයරත්න-
0 Comments