ඊයේ දිනයේ කොල්ලුපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් රැසක් එක්වරම වාර්තා විය. එම ගණන 55 කි.
ෙමකී කොරෝනා පොකුරට අදාළව වැඩිදෙනා හමුව ඇත්තේ ගාලුමුවදොර දැනට ඉදිකරමින් පවතින ප්‍රකට ගොඩනැගිල්ලක වැඩ බිමකිනි. එම වැඩ බිමේ සිටි  මෙරට සේවය කල ඉන්දීය ජාතිකයින් 14කට කොරෝනා වැළඳී ඇති බවද වාර්තා විය.
 එම තත්වය හේතුවෙන් ඉන්දීය සංස්කෘතික කේන්ද්‍රය සහ ඒ ආශ්‍රිත පිරිස වෙත PCR පරීක්ෂණ සිදු කරන්නටද සිදුව ඇති බව
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර තිබේ.