ඇහැලියගොඩ දිව්රුම්පිටිය ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කම්හලක ඉකුත්දා අහඹු ලෙස කළ පී.සී.ආර්. පරීක්ෂණ 40කදී පස්දෙනෙකු කොවිඩ් - 19 ආසාදිතයින් ලෙස තහවුරු වීමත් සමග ඊයේ (23) ඇගළුම් කම්හල තාවකාලික
මෙලෙස ආසාදිත වූවන් අතර කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි දෙදෙනෙක් වෙති. මොවුන්ගේ සමීපතමයින් 105ක් දැනට සෞඛ්‍ය අංශ හඳුනාගෙන තිබේ. මෙම පිරිස ඇහැලියගොඩ, කිරිඇල්ල, කුරුවිට, රත්නපුර, දෙහිඕවිට, හංවැල්ල සහ පුහුගොඩ සෞඛ්‍ය නිලධාරී කොට්ඨාස වලට අයත් වන බව ඇහැලියගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අජිත් හස්නාපිටිය මහතා පැවසීය. මේ වන විට මෙම පිරිස් ස්වයං නිරෝධායනයට ලක්කිරිමට පියවරගෙන ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
කපිල කුමාර
0 Comments