මේ වන විට IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇඳන් අවසන් වී ඇති බවට පළවන පුවත් සම්පූර්ණයෙන් අසත්‍ය බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය ) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළ අතර දැනට කොවිඩ් 19 රෝගීන් සඳහා දැඩි සත්කාර ඒකක ඇඳන් භාවිතයේ පවතින්නේ තුනක් පමණක් බව ඔහු කියා සිටියි.
කොවිඩ් 19 රෝගීන් සඳහාම දැඩි සත්කාර ඒකක ඇඳන් 143ක් වෙන් කර තිබෙන අතර දැනට ඉන් භාවිතයෙන් පවතින්නේ ඇඳන් 3ක් පමණක් බව හෙතෙම තවදුරටත් අවධාරණය කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval