කොරෝනා වෛරසය සම්බන්ධව පීසීආර් පරීක්ෂණ පුද්ගලිකව සිදු කරගැනීමට අවශ්‍ය අයට ඒ සඳහා පුද්ගලික රෝහල් ගණනාවක මේ වනවිට ඉඩ පහසුකම් සලසා ඇත. රජයේ නියමය අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ නිර්දේශ ලියවිල්ලක් මේ සඳහා අවශ්‍ය වන අතර ඊට අමතරව හැඳුනුම්පත රැගෙන යායුතුය.


සාමාන්‍යයෙන් සාම්පල ලබාගත් දිනයේ සිට දිනක් හෝ දින 2 ක් වැනි කාලයක් තුළ ප්‍රතිඵල ලබාදෙන බව එම රෝහල් සහතික වේ. ප්‍රතිඵලය දුරකථනයෙන් හෝ අන්තර්ජාල යොමු මගි්‍න් දැනගත හැකි අතර කොරෝනා ධනාත්මක වේනම් ඉදිරි පියවර සඳහා උපදෙස්ද පිරිනමනු ඇත.

මෙම පරීක්ෂණ සඳහා පවතින අධික ඉල්ලුම හේතුවෙන් කල් ඇතිව වේලාවක් වෙන් කරගෙන රෝහල් කරා යායුතුය. නිවසටම පැමිණ පරීක්ෂණ සිදු කරන සේවාවන් ඇතැම් රෝහල් පවත්වාගෙන යන අතර ඇතැම්වා එම සේවාව නතර කර ඇත.ඇතැම් රෝහල් වල මේ සඳහා වාහනයේ සිටම සාම්පල ලබාදිය හැකි (ඩ්‍රයිව් තෘෘ) පහසුකමද ඇත. මෙම සේවාවන් සඳහා මිල ගණන් රුපියල් 6500 සිට ඉහළට පවතී.

මේ සම්බන්ධයෙන් අපට දැනට සොයාගත හැකිවූ රෝහල් කිහිපයක තොරතුරු පහත පරිදිය.

ආසිරි රෝහල

ගාස්තුව රු .6500  (කොළඹින් පිටත කි.මීටරයට  + රු. 60 ක් )
TP - 011 452 4400  හෝ
ඇන්ජලෝ ලාසරස් මහතා (0773444017)

නවලෝක රෝහල

ගාස්තුව රු. 9000 + ප්‍රවාහන පිරිවැය (ස්ථානය අනුව)
TP-011 5577111  හෝ
ඉෂාර ධනුෂ්ක මහතා (0763070136) රසික තිලකරත්න (0777506448)

ඩර්ඩන්ස් රෝහල
ගාස්තුව 8500  + ප්‍රවාහන පිරිවැය
TP- 0112 140 000 හෝ සමද්‍රා මොහොට්ටි මිය (0773944668)

ලංකා හොස්පිටල්ස්
රු:  9500 + ප්‍රවාහන කි.මීටරයට රු. 65 කි
TP–  011 543 0000 හෝ දිලිප් වීරමන් මහතා (0777361073)