මෙරට විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 20/20 සංගණනය අනුව ලක්‍ෂ 7ක ප‍්‍රමාණයක් ලංකාව වැනි පුංචිම පුංචි රටක් තුල සිටිනවා යැයි පැවසීම ඔබ මවිතයටත් විශ්වාස නොකරන කරුණක් බවටත් පත්වනු ඇත.

නමුත් යටපත් වු සත්‍ය මෙය වන අතර ඉන් පීඩාවට පත්ව සිටින දෙමාපියන් ලක්‍ෂ 14 ක් තරම් වේ. කෙසේ වෙතත් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් නවමු පියවරක් තැබිමටත්, ඔවුනට සමාජයේ අනිකුත් දරුවන් මෙන් සැනසීමෙන් කටයුතු කිරිමටත් පියවරක් ආරම්භ කිරිමට නයෝමි වෙලගෙදර මහත්මිය ප‍්‍රමුඛ කණ්ඩායමක් අත තබා ඇති බව සඳහන් කළ යුතුය.


නයෝමි වෙලගෙදර යනු කවුද......

ජපානයේ නගෝයා හී මෙන්ම බ්‍රිතාන්‍යයේ ලන්ඩන් වොකේෂනල් (Vocational) කැම්පස් ද්විත්වයේ කථිකාචාර්යවරියෙක ලෙස පසුගිය සමයේ කටයුතු කල ඇය, ලංකාවේ ක‍්‍රියාත්මක JCS Consultation  යන Nozomi ජපන් භාෂා විද්‍යාලයේ ප‍්‍රධානියාද වෙයි.


නයෝමි ඇයගේ විශේෂ අවශ්‍යතා සහිත දරුවා වන රිචඞ් හේවාවිතාරණ වෙලගෙදර වෙනුවෙන් පුරා වසර 20කට ආසන්න කාලයක් තම සියලූ පෞද්ගලික අවශ්‍යතා පසෙකලා අඛණ්ඩව කැපවු සැබෑ සෙනෙහසේ මවක් ලෙස අවිවාදිතයි.

රිචඩ් හේවාවිතාරණ වෙලගෙදර දරුවා වෙනුවෙන් පසුගියදා පැවති උපන් දින උත්සවය මෙරට විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ ජිවිතවල හැරවුම් ලක්‍ෂයක් (Turning Point) වනු ඇතැයි කිසිවෙකුත් අපේක්‍ෂා නොකරන ලද්දකි.

මෙහිදී රිචඩ් ප‍්‍රමුඛ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් ඔස්මන් සහ නයෝමි  සාමුහිකය  (Ozman & Nayomi Trust)  ආරම්භ කිරිම සිදුවු අතර, එහිදී මෙම සාමුහිකය ආරම්භ කරමින් පැවති පලමු පියවර වුයේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් උදෙසා දැවැන්ත නේවාසික නිවාසයක් ආරම්භ කිරිමේ කථිකාවත සඳහා මුල පිරිමයි.

මෙහිදී පහත දැක්වෙන ගීතය සහිත විඩියෝ පටය නිකුත් වුයේ රිචඩ් දරුවා ප‍්‍රමුඛ සමස්ත විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවන් කෙරෙන උපහාරයක් ලෙසයි. 

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් සාමුහිකය ඇරඹිම සඳහා ප‍්‍රධාන දායකත්වය ලබාදෙන Ozman Faizan  මහතා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙක් වන අතර, කීර්තිමත් විධායක බැංකු කරුවෙකු මෙන්ම ජ්‍යාතන්තරය තුළ ප‍්‍රකට මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙකු ලෙසද සමාජයේ ප‍්‍රචලිත චරිතයකි. 

විශේෂයෙන්ම ජාතික මතවාදය සහ ජාතික කදවුරේ නියෝජනයක් ලෙස වියත්මග නියෝජනය කරන හෙතෙම, මෙරට මනුස්සකම තුලින් සහජීවනය ගොඩනැගීම තම දර්ශනය කරගත් වෘත්තීය වේදියෙකි. මේ අනුව  ”Ozman සහ නයෝමි” සාමුහිකය මේ ආරම්භ කල යෝධ පියවර මෙරට මෙතෙක් යටපත් කර, අතහැර දමා තිබු විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ ලෝකය එලිය කරන දැවැන්ත සමාජ ව්‍යාපෘතියක් වනු ඇත. 


මෙම දරුවන් මෙම සාමුහිකය හරහා හෙට දවසේ විද්‍යුත් මාධ්‍ය ජාලය තුලින් ජාත්‍යන්තරය ජය ගන්නා ආකාරය අප හෘදයංගම සෙනෙහසින් දෑස් දල්වා බලා සිටිමු.


වීඩියෝව පහතින් නරඹන්න