අයිශ්වර්යා රායි බච්චන්, සිය දියණියගේ 9 වන උපන්දිනය වෙනුවෙන් අපූරු සුභ පැතුම් පණිවිඩයක් බෙදා හදා ගෙන තිබුණි. එහිදී ඇය ආරධ්‍යාට සුබ පතමින් සිය පවුලේ ආදරණීය ඡායාරූපයක්ද රසිකයන් හා බෙදාහදා ගෙන තිබුණි. බොලිවුඩයේ ජනප්‍රිය තාරකාවක් වන අයිශ්වර්යා රායි බච්චන්ගේ කුඩා දියණිය වන ආරධ්‍යා බච්චන්ගේ 9 වන උපන්දිනය ඊයේ දිනයේදී යෙදී තිබුණු අතර ඒ වෙනුවෙන් අයිශ්වර්යා මෙසේ ඡායාරූප සමඟින් සිය අදහස් බෙදා හදාගෙන තිබේ.

සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා මෙම උපන්දින පණිවිඩය ඇය සටහන් කළ අතර එහි අභිෂේක් බච්චන් හා ආරධ්‍යා සමග ඇයගේ ඡායාරූපයක්ද එල කිරීමට ඇය කටයුතු කොට ඇත. කෙසේ වෙතත් අයිශ්වර්යා තම දියණිය කෙරෙහි අසීමිත ආදරයක් දක්වන බව අප කවුරුත් දන්නා කරුණකි. ඇය තම දියණියගේ උපන්දින සුබපැතුම් එහි සඳහන් කර තිබුණේ මෙසේයි.


“HAPPIEST 9th Birthday the ABSOLUTE LOVE OF MY LIFE, MY DARLING ANGEL AARADHYA I LOVE YOU Eternally, Infinitely and UNCONDITIONALLY…Forever and Beyond.. GOD BLESS YOU and I thank God every breath I take for YOU in my life Love, Love LOVE YOU.”

එම ඡායාරූපයෙහි උපන් දිනය සමරන දියණිය පබළු වලින් අලංකාර කරන ලද රෝස පැහැති ඇඳුමකින් සැරසී සිටින අතර අයිශ්වර්යා කළු පැහැති කුර්තාවකින් හැඩ ගැන්වී ඇත. එමෙන්ම ආරධ්‍යාගේ පියා වන අභිෂේක් බච්චන් ද ලා පැහැති ඇඳුමකින් සැරසී සිටියි. ඔවුන්ගේ මෙම පවුලේ ඡායාරූපයට ද බොහෝ දෙනා ආදරණීය සුබපැතුම් රාශියක් එක් කර ඇති අතර දියණිය ආරධ්‍යාටද උපන්දිනය වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩ රැසක් ලැබී තිබුණි.

ආරධ්‍යාගේ සීයා වන අමිතාබ් බච්චන් ද සඳුදා අලුයම වන විට සමාජ මාධ්‍ය හරහා සිය මිණිබිරිය වෙනුවෙන් උපන්දින සුභ පැතුම් සටහනක් බෙදාහදාගෙන තිබුණි.

ඔහු සිය මිණිබිරියගේ පළමු අවුරුද්දේ සිට දැරියගේ නව වන උපන් දිනය දක්වා වන කාල වකවානු තුළ දී ගත් ඡායාරූප නවයකින් සමන්විත විශේෂ කොලාජ් ඡායාරූපයක් ද සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා බෙදා හදා ගෙන ඇත.

කෙසේ වුවද බච්චන් පවුල මැයි මාසයේදී COVID-19 ට නිරාවරණය වීමත් සමග ඔවුන් පිළිබඳව බොහෝ දෙනාගේ වැඩි අවධානය යොමු විය. පසුගිය දිනයන්හිදී ජයා බච්චන්ද රෝහල් ගත කර සිටියත් මේ වන විට ඇයට සුවය ලැබීමත් සමඟ පවුලේ සියලු දෙනා ඉතා සතුටින් තම නිවසේ කාලය ගත කරන බව ආරංචි මාර්ග සඳහන් කරයි. 
-(රිස්මි ඉෂාරා)