පසුගිය කාලයේ ඇතිවු කොරෝනා පළමු රැල්ල සාර්ථකව මැඩ පවත්වන්නට දායකවූ වෛද්‍ය අනිල් ජාසිංහ ඇමතිවරුන්ට ලේකම්වරුන් පත් කරන අවස්ථාවේ ඇමති මහින්ද අමරවීරගේ පරිසර අමාත්‍යංශ ලේකම්වරයා ලෙස පත්වීමකට යොමු කරන ලද අතර අනතුරුව ඔහු නැතිව හිස්වූ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් පදවිය පුරවන ලද්දේ කොරෝනා දෙවැනි රැල්ලද ඇරඹී සති කිහිපයක් ගිය පසුවය. ඒ කාලය තුළ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාව දකින්නටවත් නොතිබුණ අතර කොරෝනා සම්බන්ධ ප්‍රකාශ නිකුත් කරන ලද්දේ
වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානීය. ටික දිනකට පසුව නව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයෙකු පත් කළත් නව තනතුර ලද තැනැත්තා අනිල් ජාසිංහ තරම් මාධ්‍ය ඉදිරියේ පෙනී සිටීමට හෝ ඉදිරිපත් නොවීම ගැටලුකාරී විය.
මෙම 'වෙනස්කම' ජනතාව අතර සැකයක් මතු කළේ සෞඛ්‍ය අංශයේ තීරණ ගැනීම් වලදී දේශපාලන උවමනාවන්ට ඒවා වෙනස්කිරීමට ජාසිංහ මහතා දැක්වූ අකමැත්ත මත මේ දේවල් සිදුව ඇති බවකි. ජාසිංහ මහතාගේ අඩුව පුරවමින් කටයුතු කරන කිහිපදෙනෙකුද ඒ ආකාරයට ප්‍රකාශ නිකුත් කරන නිසා එම සැකය වඩාත් තීව්ර විය.
මේ අතරවාරයේ හිටපු වැඩබලන වෛද්‍ය පර්යේෂණ ආයතන අධ්යක්ෂ වෛද්‍ය ජයරුවන්ගේද තනතුරු එහාට මෙහාට පෙරළී කලබගෑනි ඇතිවූ අතර යම් යම් ප්‍රකාශ නිකුත් කරන්නට යාමේදී ඔහුට ඇතුළෙන් බලපෑම් එල්ලවූ ආකාරයක් ඔහු කළ ප්‍රකාශ තුළින්ද ඒත්තු යන ලදි.
අද දින පාර්ලිමේන්තුවේදී මේ දෙන්නාට සිදුවූ දේවල් ගැන සෞඛ්‍ය ඇමතිනියගෙන් විපක්ෂය ප්‍රශ්න කරන ලදි.
ඉදිරියේ පැවැත්වෙන කොවිඩ් මර්දන කමිටු රැස්වීම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහභාගිවීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යවරිය පවිත්‍රා වන්නිආරච්චි අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වූ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා හට උසස් වීමක් ලෙස ඔහු පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්වීම් ලැබූ බවත් ඔහුට වෙනස්කමක් නොකළ බවත් ඇය කීවාය.
මේ අතර වෛද්‍ය ජයරුවන්ගේ තනතුර වෙනස්කිරීම සම්බන්ධයෙන් තමා ඔහුට කථා කරන ලද බව ඇමතිනිය පිළිගත් අතර නව මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂජනරාල්වරයා සිටින නිසා ඔහු ස්වකැමැත්තෙන් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉල්ලා අස්වූ බව ඇමතිනිය කීවාය.
0 Comments