COVID-19 රෝග ලක්ෂණ ඉන්ෆ්ලුවෙන්සා වැනි අනෙකුත් වෛරස රෝගවලදී දැකිය හැකි රෝග ලක්ෂණයන්ට වඩා දිගු කලක් පවතින බව එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨතම බෝවන රෝග විශේෂඥ වෛද්‍ය ඇන්තනී ෆවුසි පවසයි.

ඔහු සඳහන් කළේ COVID-19 රෝගීන්ගෙන් 25% ත් 35%ත් අතර ප‍්‍රමාණයකට අධික තෙහෙට්ටුව, හුස්ම ගැනීමේ අපහසුව, මාංශ පේශීන්ගේ වේදනාව, නින්දට ඇති කරන බාධා සහ මානසික ඒකාග්‍රතාව පවත්වා ගැනීමට අපහසුව ආදී කල් පවතින රෝග ලක්ෂණ පවතින බවය.

"පශ්චාත් COVID-19 රෝග ලක්ෂණ පවතින බව දැන් අප නිශ්චිතවම දන්නවා. සමහර විට එය දීර්ඝ COVID, නිදන්ගත COVID ආදී වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඒ සදහා විවිධ නම් පවතිනවා.” ඇමෙරිකානු වෛද්‍ය සංගමය සමග පැවති උත්සවයකදී වෛද්‍ය ෆවුසි සඳහන් කළේය.

"මීට වසරකටත් වඩා අඩු කාලයකදී වෛරසය ලෝකයට නිරාවරණය වූ පසුබිමක එහි රෝග ලක්ෂණ කොපමණ කාලයක් පැවතිය හැකිද යන්න අපට හරියටම පැහැදිලි නැහැ. නමුත් මුල්කාලීන ආසාදනවලින් පසු මාස ගණනක් පුරා රෝග ලක්ෂණ නිරීක්ෂණය වී තිබෙනවා.” වෛද්‍ය ෆවුසි පැහැදිලි කළේය.

එසේම මෙම අවස්ථාව වෛද්‍ය වෘත්තියටද ආඩම්බර අවස්ථාවක් බව පැවසූ ෆවුසි, පසුගිය මාස කිහිපය තුළ ඔවුන් තමන්ගේ ජීවිතය පවා අවදානමට ලක්කරමින් සිදුකරන ලද කාර්යභාර්යය ගැන ආඩම්බර විය යුතු බව අවධාරණය කළේය.

"සෑම පළාතකම විසිරී පැතිරී සිටින අපේ වෙද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල සිදුකරන කාර්යභාරය ගැන අප සැවොම ආඩම්බර විය යුතුයි." වෛද්‍ය ෆවුසි පැවසීය.

ආසාදන අනුපාතය ඉහළ ගියත්, මේ වනවිට මරණ අනුපාතය පහත වැටීමට හේතුවද වෛද්‍ය ෆවුසි පැහැදිලි කළේය. ඒ අනුව ආසාදනය වන අයගේ වයස, සෞඛ්‍ය අංශ ලබා ඇති පලපුරුද්ද මෙන්ම භාවිත කරන හොඳ ඖෂධ ප්‍රධාන සාධක බව ඔහු සඳහන් කළේය.

"මේ වනවිට ලබා ඇති අත්දැකීම් සමග අප ප‍්‍රතිකාර කරන ආකාරය වැඩිදියුණු වී තිබෙනවා. මූලික ප්‍රවේශයන් ඇතුළු, යෝග්‍ය නොවන ඖෂධයන් සම්බන්ධයෙන්ද දැන් බොහෝදෙනෙකුට අවබෝධයක් තිබෙනවා.” ඩෙක්සමෙතසෝන් සහ රෙමෙඩ්සිවර් වැනි ඖෂධ මේ වනවිට රෝගීන්ට ප්‍රතිකාර වශයෙන් ලබාදෙන බවද වෛද්‍ය  ෆවුසි පැවසීය.

මේ වනවිට වැඩිම ආසාදිතයන් තරුණ තරුණියන් වීමත් මරණ අනුපාතය අඩුවීමට හේතුව බව පවසන වෛද්‍ය ෆවුසි, කෙසේ වෙතත් විශ්වවිද්‍යාල හා පාසල්වල සිට ආසාදනය වී පැමිණෙන තරුණ තරුණියන් හරහා යළිත් ප්‍රජාවේ ආසාදන ඉහළ යාමේ හැකියාවක් පවතින බවටද වෛද්‍ය  ෆවුසි අනතුරු ඇඟවුයේය.

"අපි මූලික සිද්ධීන්වල සිට බැලුවොත්, මේ තරුණ පිරිස් තමයි, ආසදන ඇති කරන්නේ. ඔවුන් තමයි, සම්ප්‍රේෂකයන් වී ඇත්තේ ." වෛද්‍ය  ෆවුසි වැඩිදුරටත් සඳහන් කළේය.