බණ්ඩාරගම පොලිස්වසමේ අටලුගම ප්‍රදේශය පෙරේදා (21) දින සිට හුදකලා කිරීමත් සමග එම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු පාදුක්ක නගරයේ පවත්වාගෙන යන ව්‍යාපාරික ස්ථානයක් ඊයේ (22දා) දිනයේදී විවෘත කර ඇති බවට ලද තොරතුරක් මත ඒ පිළිබඳ විමර්ශනය කර එම ව්‍යාපාරික ස්ථානය විශබීජහරණය කර වසාදමා ව්‍යාපාරිකයා ඇතුළු සේවකයන් දෙදෙනා ඔවුන්ගේ නවාතැන්පළේ නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.
මෙම ව්‍යාපාරිකයා පෙරේදා (21දා) අටලුගම
නගරයේ ව්‍යාපාරික ස්ථාන කෙරෙහි විමසිලිමත්ව සිටි සෞඛ්‍ය අංශ සහ පාදුක්ක පොලීසිය විසින් දැඩි පරිශ්‍රමයකින් තොරතුරු ලබාගෙන පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දුමිත්‍ර කහන්ගමගේ මහතාගේ උපදෙස් මත අටලුගම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයා සහ පාදුක්ක, අරුක්වත්ත වත්ත ප්‍රදේශයේ සහ පාදුක්ක අයර්වත්ත ප්‍රදේශයේ පදිංචි සේවකයන් දෙදෙනා දින 14ක කාලයක් ව්‍යාපාරිකයාගේ නවාතැන්පළේ නිරෝධායනය කිරීමට පියවර ගෙන තිබේ.
එම අවස්ථාවට පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අජිත් නිශ්ශංක මහතා ඇතුළු නිලධාරින්, පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන උදිත නලීන් රණසිංහ සහ එල්. ගයාෂාන් යන නිලධාරීහු සහභාගි වූහ.
- ඩී.එන්. රෙක්සි -
0 Comments