පිහි ඇනුම් සිද්ධියකින් බරපතළ ලෙස තුවාල ලබා අතුරුගිරිය රජයේ රෝහලට ඇතුළත් කර හෝමාගම රජයේ රෝහලට මාරු කර සිටි පුද්ගලයකු ප්‍රතිකාර ලබන අතරතුර එම පුද්ගලයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු විමෙන් පසුව ඔහු සමග
දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් පොරේ පෙදෙසේ පදිංචි මෙම පුද්ගලයා පිහි ඇනුමෙන් තුවාල ලබා අතුරුගිරිය රජයේ රෝහලෙන් මූලික ප්‍රතිකාර ලබා දී ඇති බවත් ඔහුට කොරෝනා වයිරසය ශරීරගත වී ඇති බවට හෝමාගම මූලික රෝහලෙත් වාර්තා වීම නිසා අතුරුගිරිය රජයේ රෝහලේ වෛද්යයවරයකු, හෙදියන් හයදෙනකු හා කාර්ය මණ්ඩලයේ වෙනත් සේවකයන් තිදෙනකු ඔවුන්ගේ නිවෙස් තුළදීම නිරෝධායනයටම යොමු කළ බව වාර්තා වේ.
මේ අතර කොවිඩ් ආසාදිත තුවාලකරු සමග සමීපව ඇසුරු කළ අතුරුගිරිය නගරයේ සති පොළ පෙදසේ තැබෑරුමේ ආසනයේ සෑරිසෑරු අනන්‍යතාවය හඳුනා නොගත් පුද්ගලයන් දෙදෙනකු සොයා අතුරුගිරිය පොලිසිය මහජන සෞඛ්‍ය පරික්ෂකෙවරුගේ ද සහාය ඇතිව විමර්ශන ආරම්භ කර තිබිණ.ෙ
ඒ අතරින් එක් පුද්ගලයකු මේ වනවිටත් හඳුනාගෙන ඇති බව ද අනෙක් පුද්ගලයා ද හඳුනා ගැනීමෙන් පසුව ඔවුන් ස්වයං නිරෝඣායනයට ලක්කිරීම සඳහා සෞඛ්‍ය ආරක්ෂක අංශ වෙත භාරදිමට කටයුතු කරන බවත් අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුනිලක රූපසිංහ මහතා ප්‍රකාශ කළේය. මේ අතර ඉහත කී ගැටුමට අදාළ සැකකරුවන් හඳුනා ගැනීමට පොලිසිය වෙනම පරික්ෂණ ආරම්භ කර තිබිණි.
-ගුණවතී ඉලංකෝන්-
0 Comments