රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි  පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් මහතා  රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ  ලක්ෂ 10 බැගින් වු ශරිර  ඇප දෙකක මත මුදා හැරිමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ  මහතා අද(25)  නියෝග කළේය.

මහජන මුදල් අවභාවිත කළ මැතිවරණ නීති උල්ලංඝනය කළැයි ඔහුට විරුද්ධව ඇති චෝදනා වේ.
බන්ධනාගාරය තුළ කොරෝනා වයිරසය පැතිරිම සුවිශේෂි කාරණයක් ලෙස  සලකා බැලු මහෙස්ත්‍රාත්  එලෙස ඇප ලැබ දෙමින් මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් තහනමට   ලක් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  පවසන ඕනෑම අවස්ථාවක  එහි පෙනී සිටිමටද අධිකරණය නියෝග කළේය.
ශරීර ඇප කරුවන් ළගම ඥාතීන් විය යුතු  බවද   මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.