බත්තරමුල්ල ප්‍රදේශයේ රැදි සිටි දියණියක සහ මිණිබිරියක කොරෝනා ආශ්රිත ලක්ෂණ සහිතව හැටන් බංගවන්තලාවේ මවගේ නිවසට ආ නිසා ඉකුත් (16) වෙනි දින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් එම දෙන්නා
මෙලෙස ස්වයං නිරෝධායනය වෙමින් සිටි එම පවුලේ මව (28) දින අලුයම මිය ගොස් ඇති බව බගවන්තලාව සෞඛ්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් දන්වා ඇත.
මෙසේ ජිවිතක්ෂයට පත්වි ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් වතුයායට අයත් කැමිපිියන් වත්ත පහල කොටසේ පදිංචිව සිටි කනදයියා තෙයිවානේ නැමැති (69 ) හැවිරිදි සිව්දරු මවකි.
ජිවිතක්ෂයට පත් කාන්තාවගේ මරණ පරික්ෂණය බගවන්තලාව ප්‍රදේශයේ හදිසි මරණ පරික්ෂක වර්ධන් ධනලෙච්චමි මහත්මිය විසින් සිදු කල අතර මිය ගිය කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේඥය අධීකරණ වෛද්‍යයවරිය වෙත යොමු කරන ලෙස හදිසි මරණ පරික්ෂක වරිය විසින් බගවන්තලාව පොලිසියට නියෝග කළහ .පි.සි.ආර් පරික්ෂණයක්ද සිදු කර ඇති මුත් තවම ප්‍රතිඵල ලැබී නැත.
0 Comments