බලන්ගොඩ නගරයේ ඇති ලීසිං ආයතනයකට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයෙකු පැමිණීමක් හේතුවෙන් එම ලීසිං ආයතන ඊයේ (05දා) වසා දමා එහි සේවකයන් 10දෙනෙකු ස්වයං නිරෝධනයට යොමු කළ බව බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

රත්නපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු එම ලීසිං ආයතනයට පසුගිය 03 වැනිදා පැමිණ ගොස් ඇති අතර, ඔහුට උණ රෝගයක් වැලඳීම හේතුවෙන් රත්නපුර ර
ෝහලට ඇතුළත් කර තිබිණි. එහිදී සිදු කළ පී.සී.ආර්. පක්‍ෂණයේදී කෝවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (05දා) තහවුරු වූ බව බලගොඩ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීහු පවසා සිටියහ.

මේ අතර එම ලීසිං ආයතන සහ එය ආශ්‍රිත ප්‍රදේශය විෂබීජහරණය කිරීමට කටයුතු කළ බවද එම නිලධාරීහු පවසා සිටියහ.

පසුගිය 03 වැනිදා සිට එම ලීසිං ආයතනයට පැමිණි ජනතාව සම්බන්ධයෙන් තොරතුරු ලබාගෙන ඔවුන්ද ස්වයං නිරෝධායනයට යොමුකර පී.සී.ආර්. පරීක්‍ෂණ සිදු කිරීමට කටයුතු කරන බව බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීහු පවසා සිටියහ.
- අරුණ දිසානායක -