ජතාවට අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩවල කිසිඳු හිඟයක් නැතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (04දා) පිටකොටුව තොග වෙළෙඳ මධ්‍යස්ථානයේ නිරීක්ෂණයකට එක් වූ අවස්ථාවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"හාල්, පිටි, සීනි, පරිප්පු, අල, ලූනු ඇතුළු එළවළු සියලු තොග අවශ්‍ය ප්‍රමාණයට වෙළෙඳ සැලේ තියෙනවා. මෙම පවත්නා අවදානම දරමින් තොග රැස් කරමින් පුද්ගලික අංශයේ ගබඩා පවත්වාගෙන යනවා” යැයිද කියා සිටියේය.
එමෙන්ම වෙළෙඳපොළ විවෘත කිරීමෙන් පසු කිසිඳු හිඟයකට බියෙන් තොග රැස් නොකරන ලෙසද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගවලට අනුකූලව ව්‍යාපාරිකයන් තම ව්‍යාපාර කටයුතු සිදු කළ යුතු බවත්, පාරිභෝගික ජනතාවද භාණ්ඩවල මිල ගණන් පිළිබඳ නිසි දැනුවත් බවකින් කටයුතු කළ යුතු බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
- නවෝද්‍යා පවනි -
0 Comments