මෙවර 2020 ඇමරිකානු ජනපතිවරණ ප්රතිඵලය මේවනවිට ඉතා තියුණු මුහුණුවරක් ගෙන තිබේ. දැනට රට පාලනය කරන ඩොනල්ඩ් ට්රම්ප්ට එදිරිව ඔබාමාගේ උප ජනපති ජෝ බයිඩෙන් දැවැන්ත අභියෝගයක් එල්ල කර තිබෙන අතර උදෑසන ගණනය අනුව ඡන්ද ඒකක 270 ක් උපයාගත යුතු ජයග්රහණය අභිමුව බයිඩෙන් 264 ක් හා ට්රම්ප් 214 ක් ලෙස සටහන් විය.
ඇමරිකාවේ වේලාවෙන් බදාදා දහවල් විස්කොන්සින් සහ මිචිගන් හි ජයග්රහණ ඩිමොක්රටික් අපේක්ෂක බයිඩෙන් සතුකරගැනීම නිසා මෙම ඉහළට එසවීම සිදුවිය.
කෙසේ වෙතත් ප්රතිඵල ලබාදෙන්නට නියමිත ඉතිරි ජනපද 05 සැලකීමේදී ඒවායින් 04 කම එනම් පෙනිසිල්වේනියා, ඇලස්කාව, උතුරු කැරොලිනාව හා ජෝර්ජියාවේ ට්රම්ප් ඉදිරියෙන් සිටින බව නිල නොවන වාර්තා පෙන්වා දෙයි. බයිඩෙන් ඉදිරියෙන් සිටින්නේ නෙවාඩා ජනපදයේ පමණි.
ඡන්ද ඒකක සැලකීමේදී පෙනිසිල්වේනියාවෙන් 20 ක් ඇලස්කාවෙන් 03 ක් උතුරු කැරොලිනාවෙන් 15 ක් ජෝර්ජියාවෙන් 16 ක් එකතුව 54 ක් ලබාගැනීමේ සම්භාවිතාවයක් ට්රම්ප් සතුය. නමුත් ට්රම්ප්ට එතැනදී 02 ක් මදිවේ. නෙවාඩා ජයග්රහණය ඔහුගේ සීමාව නිර්ණය කරයි.
කෙසේ වෙතත් බයිඩෙන් නෙවාඩා ජයග්රහණය කළහොත් ඒකක 6 ක් ලැබෙන අතර ඔහුට මැතිවරණ ඡන්ද 270 ක් ලබා ගැනීමට ප්රමාණවත් වේ.
කෙසේ වෙතත් ජයග්රහණය පෙනි පෙනී ඡන්ද ගණනය අවසන් වනතුරු අපේක්ෂකයින්ට වැඩි කාලයක් සිටින්නට සිදුවේ.
කොරෝනා වෛරස් වසංගතය නිසා මැතිවරණයේ තැපැල් ඡන්ද මිලියන ගණනාවක් පැවති අතර ඒවා ගණනයට ප්රමාද වන බව දන්වා ඇත.ජලගැල්ම හේතුවෙන් සියළුම ඡන්ද ගණන් කිරීම අවසන් කිරීමට පෙන්සිල්වේනියාවට වැඩි කාලයක් ගත වන බවද දන්වා ඇත.
0 Comments