බියගම සෞබ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් තවත් කොරෝනා වයිරසය ආසාදිත වූ රෝගීන් හයදෙනකු හමුවී ඇතැයි බියගම පරිපාලන මහජන සෞබ්‍ය පරික්ෂක සමන්ත පෙරේරා මහතා පැවැසිය. මේ අනුව මේ වනවිට මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුළින් හමුවී තිබෙන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 130 දෙනකු පමණ වන බව ද ඒ මහතා සඳහන් කළේය. මේ කෙරෝනා රෝගීන් සියලු දෙනාම පාහේ ස්වයං නිරෝධායනයට ලක් කළ පිරිසගෙන් වීම මෙහි විශේෂත්වයක් වන බවත් සමන්ත පෙරේරා මහතා කීය.
මේ අතර සති අන්තයේ සිදුකළ පී.සී.ආර්. පරික්ෂණ 300ක පමණ ප්‍රතිඵල ලැබීමට තිබෙන අතර එම වාර්තා ලැබුණු වහාම ඒ සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා කීය.
වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේවන විට 20 දක්වා ඉහළ ගොස් ඇතැයි ද, වලල්ලාවිට මගුරුමස්විල පදිංචි කොළඹ ගිනි නිවන හමුදාවේ සේවය කළ අයෙකු සහ කලන්දාව ප්‍රදේශයේ බස් පොකුරේ ආශ්‍රිතයෙකු නව ආසාදිතයින් ලෙස වාර්තා වී ඇති බවද ,වලල්ලාවිට පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක තිලකරත්න අතුකෝරල මහතා පැවසීය.
මාකලන්දාව පදිංචි අය මෙයට පෙර අසාදිත ලෙස වාර්තා වූ මාස තුනක බිළිඳියගේ පියා බවත් ,මේ වන විට එම පවුලේ 05 කට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇතැ යි ද වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය මල්කා ගුණසිංහ මහත්මිය පැවසුවාය.
එමෙන්ම මීගහතැන්න නගර මධ්‍යයේ පසුගිය 21 දින තෙක් මාළු වෙළදාම කළ,වැලිපැන්න මීගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට ද කොරෝනා ආසාදිත වී ඇති බව ඉකුත් 02 දින තහවුරුවී තිබේ.
වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ මේ වන විට වන විට පවුල් 217 ක සාමාජිකයින් 696 ක් නිරෝධානය ට ලක් කර ඇත. මෙම බල ප්‍රදේශයේ මෙ තෙක් පීසීආර් පරීක්ෂණ 346 ක් සිදු කර ඇති අතර එයින් 30 කගේ පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිතව ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
- ඩබිලිව්.ඩි.එම්. විතානගේ - ප්‍රේමතිලක පෙරමුණ
0 Comments