ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයෙන් ජය ගන්නේ කවුරුන්ද යන්න විමසමින් පසුගියදා සයිබීරීයාවේ සත්වෝද්‍යානයක් තුළ සතුන් යොදාගනිමින් අනාවැකි පළ කිරීමේ අවස්ථාවක් සංවිධානය වූ බව විදෙස් මාධ්‍ය පවසයි.
එහිදී සත්වෝද්‍යානයේ සිටින වලසෙකු සහ ව්‍යාඝ්‍රයන් දෙදෙනකු මේ සඳහා යොදාගෙන තිබේ. ඒ අනුව මෙහිදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රැටික් අපේක්ෂක ජෝ බයිඩන්ගේ මුහුණු කැටයම් කළ කොමඩු ගෙඩි දෙකක් මෙම සතුන්ගේ කූඩු තුළ තබා, ඔවුන් තෝරාගන්නා කොමඩු ගෙඩියේ සිටින රූපය හිමි තැනැත්තා ජයග්‍රහණය කරනු ඇතැයි උපකල්පනය කරමින් මෙම අනාවැකි කීම පැවැත් වී ඇත.
එහිදී සවෝද්යානයේ සිටින 'බුයාන්” නම් පිරිමි දුඹුරු වලසා ජෝ බයිඩන්ගේ රූපය සහිත කොමඩු ගෙඩිය තෝරාගෙන එය කෑමට පටන් ගෙන ඇත. ඒහිදී වලසා ඉතාමත් කල්පනාකාරීව එම තෝරගැනීම සිදු කළ බවත් සඳහන් වෙයි. ඒ අනුව බුයාන්ගේ තේරීම ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය බව සංවිධායකයන් පවසා සිටියි.
2016 වසරේ පැවැති එක්සත් ජනපද ජනාධිපතිවරණය අවස්ථාවේදීද මෙම සත්වෝද්‍යානය මෙවැනිම අනාවැකි කීමක් සිදු කර ඇති අතර ඊට සම්බන්ධ වූ බුයාන් තෝරාගෙන ඇත්තේ වත්මන් ජනපති ට්‍රම්ප්ව වීමද විශේෂත්වයකි.
එසේම මෙවර අනාවැකියට සම්බන්ධ වූ ' බාර්ටෙක්" නම් අමුර් ව්‍යාඝ්‍රයා ක්ෂණිකවම ට්‍රම්ප් රුව සහිත කොමඩු ගෙඩිය තෝරාගෙන සිය කැමැත්ත ඔහු වෙත පළ වන බව ප්‍රකාශ කර ඇත. එසේම "බාන්" නම් සුදු බෙන්ගාල ව්‍යාඝ්‍රයා තම තේරීම ලබා ගැනීමට පෙර මෙම කොමඩු ගෙඩි දෙක සමඟ යම් වේලාවක් ක්‍රීඩා කරමින් සිට ඇත. අවසානයේදී ඌ ට්‍රම්ප්ගේ රුව සහිත කොමඩු ගෙඩිය ඉවතට දමා බයිඩන්ගේ රුව සහිත කොමඩු ගෙඩිය ළං කරගෙන ඇත.
0 Comments