බත්තරමුල්ල, පොල්දූව පාලම ආසන්නයේ දියවන්නා ඔයේ 11 දින අලුයම අනවසරයෙන් ඇතුළු වී මසුන්
අල්ලමින් සිටි දෙදෙනකු ගමන් ගත් බෝට්ටුවක් සහ වත්මන් යුද හමුදාපතිවරයාගේ නිල නිවෙසේ ආරක්ෂාවට
යොදවා ඇති ආරක්ෂක අංශයට අයත් යාත්රාවක් ගැටී සිදුවූ අනතුරෙන් අතුරුදන් වූ පුද්ගලයාගේ මළසිරුර
12දා උදෑසන පාර්ලිමේන්තු පාරේ, රජමල්වත්ත ප්රදේශයේ පිහිටි විපස්සනා භාවනා ආයතනය අසබඩ
ගං ඉවුරට ගොඩ ගසා තිබියදී සොයාගත් බව වැලිකඩ පොලිසිය පැවසීය.
මෙම මරණය පිළිබඳව මහෙස්ත්රාත් පරීක්ෂණය අලුත්කඩේ අංක 04 මහෙස්ත්රාත් අධිකරණයේ
මහෙස්ත්රාත් කාංචනා සිල්වා මහත්මිය විසින් පැවැත්වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර
නාරාහේන්පිට පොලිස් මෘත ශරීරාගාරයට රැගෙනයන ලෙසත් නියෝග ලබාදී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නුගේගොඩ කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි ප්රදීප්
රත්නායක මහතාගේ උපදෙස් අනුව වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක වසන්ත
කෝරළගේ මහතාගේ අධීක්ෂණය මත නිලධාරීන් විසින් සිදුකරනු ලබයි.
නිඳුවර අබේසිංහ
0 Comments