කොරෝනා වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරියකු සාදයකට සහභාගි වීම හේතුවෙන් නිකවැරටිය, දියගම ප්‍රදේශයේ පුද්ගලයන් 165 දෙනෙකු නිරෝධායනයට ලක්කිරීමට සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් එම සාදය පැවැත්වූ ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පැවරීමට පියවර ගත් බව නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඊයේ (04) පැවසීය.
නිරෝධායන පනත කඩකරමින් මෙම උපන් දින සාදය පැවැත්වූ පුද්ගලයාට නඩු පැවරීමට පියවර ගත් බවද සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කළේය. සෞඛ්‍ය අංශවල මාර්ගෝපදේශ හෝ සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගත නොවී, වසරක් වයසැති දරුවකු ගේ උපන් දිනයට වෙනුවෙන් පවත්වන ලද මෙම මත්පැන් සාදය සඳහා, කොළඹ ප්‍රදේශයේ සේවය කරන අසල්වැසි හිතවතෙකු වූ
ඒ අනුව වැඩිදුරටත් පරික්ෂණ සිදුකළ සෞඛ්‍ය නිලධාරීන්, එම සාදයට සහභාගී වූ පොලිස් නිලධාරියාගේ පවුලේ සාමාජිකයන් සහ සාදය පැවැත්වූ නිවසේ සාමාජිකයන් හා එයට සහභාගි වූ දියගම ප්‍රදේශයේ පවුල් 39 පුද්ගලයන් 165ක් නිරෝධායනයට ලක්කිරීමට වහා පියවර ගත් බවද එම කාර්යාලය සඳහන් කළේය.
දියගම ප්‍රදේශයේ වෙළෙඳසල් කීපයක්ද වසා දමා, මේ වනවිට පොලිස් මුර පොළක්ද යොදවා, සංචරණ නීති පනවා, අවට මාර්ගවලටද දැඩි රැකවල් යොදවා ඇති බවද නිකවැරටිය මූලස්ථාන පොලිසිය සඳහන් කළේය.
මෙම සාදයට මෙදින සහභාගි වූ පොලිස් නිලධාරියාට දින දෙකකට පසුව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වෛද්‍ය වාර්තා වලින් අනාවරණය වී ඇති බවද, ඒ අනුව වහා ක්‍රියාත්මක වී සෞඛ්යාරක්ෂිත පියවරයන් ගත් බවද, නිරෝධායනයට ලක්කර ඇති පුද්ගලයන්ගේ පී.සී.ආර්. පරික්ෂණ සිදුකිරීමට නියමිතව ඇති බවද සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
- ප්‍රියාණි මංගලිකා -
0 Comments