මාළු හරහා කෝවිඩ්-19 බෝ නොවන නිසා හොඳින් පිසගත් මාළු ආහාරයට ගැනීමට බිය වියයුතු නැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මාළු ආහාරයට නොගතහොත්මාළු අමුවෙන් ආහාරයට ගැනීම පිළිබඳ කතාබහක් ඇති වී තිබුණද මාළු හොදින් සෝදා පිස ආහාරයට ගන්නා ලෙසද ඔහු පවසා සිටියේය. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ තුළින් කෝවිඩ්-19 රෝගීන් හමුවීමත් සමග මාළු ආහාරයට ගැනීමට ජනතාව බියක් දැක්වූ බවත්, එහෙත් එවැනි බියක් ඇති කරගත යුතු නැති බවද ඒ මහතා පවසා සිටියේය. මාළු ආහාරයට ගැනීමට ජනතාව කටයුතු නොකළහොත් එය මිනිස් ශරීරයට බලපෑම් එල්ල කිරීමට අමතරව රටේ ධීවර කර්මාන්තයටද බලපාන බවද හෙතෙම පවසා සිටියේය.
-ඉන්දික හේවාවිතාරණ -
0 Comments