ඕස්ට්‍රෙලියානු සංචාරයේදී එක්දින සහ විස්සයි-20 තරගාවලි දෙකට සහ ඇඩිලේඩ් හී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේන් පසුව විරාට් කෝලිට නිවාඩු දිමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ. කෝලිගේ බිරිඳ වන
කොරෝනා වයිරස් වසංගතය ලොව පුරා පැතිරීමෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව ඇණහිටීමෙන් පසුව කෝලී ඇතුළු කණ්ඩායමේ පළමු විදේශීය සංචාරය මෙයයි. “සිය පවුලට ප්‍රමුඛතාව ලබාදියයුතු බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සැමවිටම විශ්වාස කරනවා. කෝලී සිය කුළුඳුල් දරුවාගේ උපත වෙනුවෙන් නිවාඩු ලබා ගැනීමට අදහස් කර ඇති අතර ඒ අනුව ඔහුට අවසන් ටෙස්ට් තරග 3 අහිමිවී යනු ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය. පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් 17 සිට 21 දක්වා දිවා රාත්‍රී තරගයක් ලෙස ඇඩිලේඩ් හිදි පැවැත්වේ. දෙවැනි ටෙස්ට් තරගය දෙසැම්බර් 26 සිට 30 දක්වා මෙල්බර්න් හිදී පැවැත්වේ . තෙවැනි ටෙස්ට් තරගය ලබන වසරේ ජනවාරි 7 සිට 11 දක්වා සිඩ්නි සහ සිවුවැනි සහ අවසන් ටෙස්ට් තරගය ජනවාරි 15 සිට 19 දක්වා බ්‍රිස්බේන් හීදී
ඉන්දීය ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන් දරුවන් ලබන අවස්ථා වලදී ක්‍රිකට් ක්‍රීඩකයන්ට නිවාඩු ගැනීමට දිරිමත් කිරීම වසර ගණනාවක් තිස්සේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අනුගමනය කරනු ලබන ප්‍රතිපත්තියකි. “සාමාන්‍ය කාලයකදී නම් තෙවැනි ටෙස්ට් තරගය අතහැර ඔහුගේ බිරිඳගේ දරු උපත සඳහා ඉන්දියාවට පැමිණ නැවත ගොස් බ්‍රිස්බේන් හිදී අවසන් තරගයට ක්‍රීඩා කිරීමට ඔහුට හැකියාව තියෙනවා. නමුත් දින 14 ක නිරෝධායනය තවමත් ක්‍රියාත්මක වන්නේ නම්, නැවත පැමිණ ආපසු යෑම දුෂ්කර වෙනවා" යැයි ප්‍රකාශකයකු පැවසීය.
මෙවන් වාතාවරණයක් තුළ ලෝකේශ් රුහල් ටෙස්ට් සංචිතයට කැඳවීම සහ ආබාධය සුවවීමෙන් පසුව රෝහිත් ෂර්මා ටෙස්ට් සංචිතයට ඇතුළත් කිරීම දෙගුණයක් ප්‍රයෝජනවත් විය හැකි බව එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය. ආරම්භක පිතිකරුවන් ලෙස මයන්ක් අගර්වාල් සහ ප්‍රිත්ව් හෝ විකල්පයන් ලෙස සිටියද, කෝලි නොමැති වීට මැද පෙළ ශක්තිමත් කිරිමට රෝහීත් ෂර්මාගේ ආගමනය ඉතා වැදගත් වනු ඇත. මේ මස 27 වැනිදා සිට ආරම්භවන එක්දින සහ විස්සයි-20 තරගාවලි දෙකෙන් විවේක ගන්නා ඇති රෝහිත් ෂාර්මා ටෙස්ට් සංචිතයට පමණක් නම්කර ඇත.
0 Comments