කොරෝනා රෝගයට ගොදුරුව දිනවියෙන් සමුගත් බොලිවුඩ් නළු සෞමිත්‍රා චැටර්ජිගේ අවසන් කටයුතු මපසුගියදා පැවැත්වුනේ නිරෝධායන පිළිවෙත් නොතකමින්ය. කෙසේ වෙතත් මෙම මරණය බොලිවුඩයට මහත් කම්පනයක් ඇති කර තිබුණි.
සෞමිත්‍රා චැටර්ජිගේ අභාවය සම්බන්ධයෙන් අමිතාබ්, අමීර්, මොහාන්ලාල් ඇතුළු බොහෝ කලා කරුවන් පිරිසක් සිය ශෝකය පළ කර තිබුණි.
ජනප්‍රිය නළු සෞමිත්‍රා චටර්ජි පසුගිය ඉරිදා දින කොල්කටා රෝහලකදී සිය අවසන් හුස්ම හෙළීය. ඔහු මිය යන විට ඔහුගේ වයස අවුරුදු 85 කි.
ඔහු විසින් පද්ම භූෂන් සම්මානය (Padma Bhushan), දදාසාහිබ් ෆාල්කේ සම්මානය (Dadasaheb Phalke Award), සංගීත් නාටක් ඇකඩමි සම්මානය (Sangeet Natak Akademi Award) සහ ජාතික චිත්‍රපට සම්මාන තුනක් (winning three National Film Awards) දිනා ගැනීමට සමත් විය.
1935 ජනවාරි 19 වන දින උපත ලැබූ සෞමිත්‍රා චැටර්ජි රංගනය හදාරා ඇත්තේ නාට්‍ය කලාවේ සුප්‍රසිද්ධ චරිතයක් වන අහින්ද්රා චෞද්රිගෙනි. අපුගේ චරිතය සඳහා මුලින් ප්‍රතික්ෂේප වීමෙන් පසුව, චැටර්ජි සිය රංගන දිවියට පිවිසියේ සත්‍යජිත් රේගේ අපූර් සන්සාර් (1959) චිත්‍රපටයෙනි. පසුව මොවුන් දෙදෙනා අවසානයේදී Abhijan, Charulata, Kapurush, Aranyer Din Ratri, Ashani Sanket, Sonar Kella සහ Joi Baba Felunath ඇතුළු චිත්‍රපට දහහතරක වැඩ කටයුතු සඳහා සම්බන්ධ වී තිබේ.
කෙසේවෙතත් ඔහුගේ මෙම අභාවයෙන් පසුව බොලිවුඩයේ සුපිරි තරු රාශියක් ඔහු වෙනුවෙන් සිය ශෝක පණිවිඩයන් ප්‍රකාශ කර තිබුණි.
ආශා බෝස්ලේ
ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා සදහන් කර ඇත්තේ , 'මම සෞමිත්රාට බෙහෙවින් ඇලුම් කළෙමි. ඔහු හොඳ මහත්වරයකු විය. ඔහු අභාවප්‍රාප්ත වීමත් සමඟ සිනමා කර්මාන්තයේ විශාල අඩුවක් ඇති වනු ඇත. ' යනුවෙනි.
අමීර් ඛාන්
අමීර් ඛාන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, ඉන්දියානු සිනමාවට එහි ප්රමුඛ මිණි පහනක් අහිමි වී ඇති බවත් සෞමිත්රාජිගේ පවුලට සහ ඔහුගේ සියලු රසිකයින්ට තමන්ගේ හෘදයාංගම ශෝකය පල කරන බවත්ය.
ඉන්දියානු කතක් නර්තන ශිල්පී ශර්මිස්තා මුකර්ජිද සෞමිත්‍රා චටර්ජිගේ පැරණි ඡායාරූපයක් බෙදාගනිමින් සිය ශෝක පණිවිඩය ඉන්ස්ටග්‍රෑම් ගිණුම තුළ සටහන් කර තිබුණි .
අමිතාබ් බච්චන්
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමිතාබ් බච්චන් ද පවසා ඇත්තේ ටී 3722 - සෞමිත්‍රා චැටර්ජි සුවිශේෂී පුරාවෘත්තයක් බවත් සිනමා කර්මාන්තයේ ප්රබලතම කුළුණක් අද කඩා වැටී ඇති බවත්, අවසන් වරට ඔහුව හමුවූයේ කොල්කටාහි අයිඑෆ්එෆ්අයි හිදීබවත් ය. එසේම ඔහු තම පණිවිඩය අවසානයේ ඔහුට හෘදයාංගමව යාඥාවක්ද කර ඇත.
අනුපම් ඛෙර්
ජනප්‍රිය නළුවෙකුගේ සහ තමන්ගේ ප්‍රියතම පුද්ගලයකු වන සුමිත්‍රා චැටර්ජිගේ අභාවය ගැන දැන ගැනීම ගැන අතිශයින් කණගාටු වන බවත් ඔහුගේ පුදුමාකාර දක්ෂතාවයෙන් හා ශිල්පයෙන් තමන්ද බොහෝ දේ ඉගෙන ගත් බවත් ඔහු පවසා ඇත. සිය පණිවිඩය අවසානයේ ඕම් ශාන්ති ලෙසද ඔහු සඳහන් කර තිබේ.
0 Comments