බේරුවල රජයේ රෝහලේ දන්ත වෛද්‍යවරයකුට සහ රසායනාගාර සේවකයකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇතයි කළුතර ජාතික වසංගත රෝග විදහයතනයේ හා නාගොඩ මහ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ තමර කළුබෝවිල මහතා පැවැසීය. 
එම රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවයේ නියුතු අයකුගේ සැමියා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ හා සම්බන්ධව කටයුතු කිරීම හේතුවෙන් ඉකුත් සිකුරාදා මෙම වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ 30 දෙනකුට ආසන්න සංඛ්‍යාවකට පී.සී.ආර්. පරික්ෂණ සිදුකළ බව අධ්‍යක්ෂකවරයා කීය.


එම පරික්ෂණවල වෛද්‍ය වාර්තා පෙරේදා (2) පැමිණීමෙන් අනතුරුව මේ බව තහවුරු වූ බව අධ්‍යක්ෂවරයා කීය. මේ හේතුව මත එම වෛද්‍යවරයාගේ සහ රසායනාගාර සේවකයාගේ දෙවැනි පෙළ ආශ්‍රිතයන් 40 දෙනකුගේ පී.සී. ආර්. පරික්ෂණ ඊයේ (3) සිදුකළ බව ද අධ්‍යක්ෂවරයා  වැඩිදුරටත් පැවැසීය.