ගන්දර පොලිස් වසමෙහි ගන්දර වෙරළ පාර ප්‍රදේශයේ පදිංචිය එකම පවුලේ සාමාජිකයන් හය දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග මෙම පිරිස වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් කරා යොමු කර ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍යයි අංශ පවසයි. ඉකුත් පස්වැනි දින කොවිඩ් වයිරසය ආසාදිත බවට හඳුනාගත් වයස අවුරුදු 30 ක් වූ මාළු ව්‍යාපාරිකයාගේ මව, බිරිඳ සහ සිව් හැවිරිදි දරුවාට සහ මාළු ව්‍යාපාරිකයාගේ සහෝදරයාට සහ සහෝදරියට
මාළු ව්‍යාපාරිකයාගේ ගන්දර පිහිටි නිවසට වත්තල ප්‍රදේශයේ සිට මිතුරෙකු පැමිණ ඇති අතර මිතුරා සමග ඔහුද පසුගිය 18 වැනි දින වාහනයකින් කඩවත ප්‍රදේශයට ගොස් නැවත 20 වැනි දින පැමිණ ඇති අතර මිතුරාගේ සහෝදරයාට කොවිඩ් ආසාදනය වී ඇති බවට අනාවරණය වීමත් සමග මෙම පුද්ගලයා ඇතුළු පවුලේ සාමාජිකයන් 6 දෙනෙකු ගිය මස 27 වැනි දින සිට සිය නිවසෙහිම නිරෝධායනය කිරීම සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත.
ව්‍යාපාරිකයාට කොවින් ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමෙන් අනතුරුව පවුලේ අනෙක් පිරිසට සිදුකළ පී.සී.ආර්. පරික්ණෂයේ ප්‍රතිඵල පෙරේදා (3) ලැබීමෙන් අනතුරුව ඔවුන්ද වයිරසය ආසානය වී ඇති බවට හඳුනාගෙන තිබේ. මාළු ව්‍යාපාරිකයාගේ සහෝදරයා පෙරේදා (3) හම්බන්තොට මහා රෝහල වෙත ද, බිරිඳ, මව සහ නැගණය සිවු හැවිරිදි දරුවා සහ මාස දෙකක් වයසැති කුඩා දරුවාද කොටවිල කඹුරුගමුව මහ රෝහල වෙතද පෙරේදා (07) රාත්‍රියෙහි යවා ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
-ගයාන් දර්ශන-
0 Comments