නේවාසිකාගාර තුළ සෞඛ්‍ය අංශ මගින් නිරෝධායනයට ලක්කර සිටින කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන්ට ආහාර පාන නොලැබීම හේතුවෙන් තමන් දැඩි අසරණ තත්තවයකට පත්වී ඇතැයි එම සේවක සේවිකාවෝ පවසති. මෙසේ මාස එකහමාරක පමණ කාලයක සිය නේවාසිකාගාර තුළ නිරෝධායනයට ලක්වී සිටින වෙළෙඳ කලාපයේ සේවක සේවීකාවන් පිරිස 250ක් පමණ වන බව සෞඛ්‍ය නිලධාරීහු පවසති.
මාස එකහමාරක පමණ දීර්ඝ කාලයක් නේවාසිකාගාර තුළ මෙම සේවක සේවිකාවන් නිරෝධායනයට ලක් කිරීමට හේතුව කුමක්දැයි සීදූව සෞඛ්‍ය නිලධාරි කාර්යාලයෙන් කළ විමසීමේදී එහි සෞඛ්‍ය බලධාරියකු පැවසුවේ එම නේවාසිකාගාර තුළ නිරෝධායනයට ලක්කර සිටින සේවක සේවිකාවන් අතරින් කොරෝනා වයිරසය ආසාදිත සේවක සේවිකාවන් පී.සී.ආර්. පරිකෂණ මගින් තහවුරු වීමත් සමග එම නේවාසිකාගාර තුළ සිටින සේවක සේකාවන්ගේ නිරෝධායනය කාලය තවදුරටත් දීර්ඝ කෙරේ. මෙසේ නේවාසිකාගාරය තුළ නිරෝධායනයට ලක්කර සිටින ඇතැම් ඇගලුම් සේවක සේවිකාවන් හට කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ආහාර මල්ලක් ලබාදුන් බවත් එය දින දෙක තුනකට පමණක් ප්‍රමාණවත් වූ බවත් නිරෝධායනයට ලක්වී සිටින සේවක සේවිකාවෝ පවසති. තවද නේවාසිකාගාර තුළ නිරෝධායනයට ලක්කර සිටින ඇතැම් ගමක සේවිකාවන්ට විවිධ ඖෂධ වර්ග අවශ්‍යව ඇතත් ඒවා සපයා ගැනීමට නොහැකිවීම හේතූවෙන් ඖෂධ භාවිතා කරන සේවක සේවිකාවන්ද දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටින බවද ඔවුහු පවසති.
0 Comments