කොළඹ නන්දා මෝටර්ස් වාහන අංගනය අසළදි රියදුරු බලපත්‍රයක් නොමැතිව අපරික්ෂාකාරීව සුඛෝපභෝගී ලෑන්ඩ් කෘසර් රථයක් ධාවනය කර අනතුරක් සිදුකිරීම හේතුවෙන් තරුණියක හා වාහනයේ සිටි තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


මෙම තරුණිය නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය බව පැවසේ. ඇයගේ සොයුරාද මීට වසර එකහමාරකට ඉහත ගාලුපාරේ අපරික්ෂාකාරී ඩිෆෙන්ඩර ධාවනයක් සිදු කර පොලිස් නිලධාරීයෙකුට මරණීය අනතුරක් සිදු කර තිබුණි.


නන්දා මෝටර්ස් අනතුර සිදු කර ඇති වාහනය කුලියට වාහන සපයන ආයතනයකට අයත්වූවක් බවට කරුණු අනාවරණය වන අතර අනතුර සිදුවන අවස්ථාවේ වාහනයේ සිටි පිරිමි පුද්ගලයෙකු අදාළ කුලීවාහන හිමිකරුගේ පවුලට අයත් අයෙකු බවද පැවසිණි. එම පුද්ගලයාවද අත්අඩංගුවට ගෙන ඇත.
කුරුඳුවත්ත පොලිසිය පවසන්නේ පොලිස් දියණිය පදවාගෙන ආ සුඛෝපභෝගී  රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන්  මෙම අනතුර සිදුව ඇති බවයි.
ඔවුන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
අනතුර සිදුවී සුළු වේලාවකට පසු එම මෝටර් රථයේ අංක තහඩු ඉවත් කිරීමට පුද්ගලයෙකු කටයුතු කරන ආකාරයද දක්නට ලැබුණ අතර එයින් බලාපොරොත්තුවූයේ වාහන අනතුර කළ අයගේ අනන්‍යතාව සැඟවීමට බවට විවෙචන පළව ඇත.

සිද්ධියට අදාළ පෙර වාර්තා