මේවන විට කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වී සිටින වයඹ පළාතේ උසස් තැපැල් නිලධාරියකු වගකීම් විරහිතව හැසිරිම හේතුවෙන් තමන් ඇතුළු තම පවුලේ සාමාජිකයන් කොරෝනා අවදානමකට ලක්ව ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවට මහව පදිංචි රජයේ නිලධාරියෙක් චෝදනා කරයි. මහව කොන්වැව පදිංචි ගල්නෑව ප්‍රාදේශීය ල්කම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියකු ලෙස සේවය කරන ශිරන්ත රුවන් වාසල මහතා මේ චෝදනාව එල්ල කරයි.
තම කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයකු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වීමෙන් අනතුරුව පීසීආර් පරික්ෂණයටද ලක්වූ මෙම නිලධාරියා සෞඛ්යාරක්ෂිත උපදෙස් අනුව ස්වයං නිරෝධායනයට ලක් නොවී ප්‍රදේශ රැසක සංචරණය කර
මේ නිලධාරියා සේවය කරන කාර්යාලයේ මේ වනවිට ඔහුත් සමෙග කොරෝනා වයිරසය ආසාදනය වූ නිලධාරීන් රැසක් වාර්තා වෙලා තිබෙනවා. එම කාර්යාලයේ පළමු කරෛා්නා ආසාදිතයා වාර්තා වුණාට පසුව එහි සම්පූර්ණ කාර්ය මණ්ඩලයම පසුගිය 14 වැනිදා පී.සී.ආර්. පරික්ෂණයට ලක් කර තිබූ බව දැනගන්නට ලැබුණා. මේ විදියට පී.සී.ආර්. පරික්ෂණයට ලක් කිරීමෙන් පසුව ප්‍රතිඵල ලැබෙන තුරු ඔවුන් සංචරණය නොකර නිවෙස් වලටම වෙලා සිටිය යුතු බව සඳහන් වෙනවා. ඒ වගේම මේ නිලධාරියා එම කාර්යාලයෙන් වාර්තා වුණු පළමු ආසාදිතයා සමීපව ඇසුරු කරලා තිබුණු නිසාම ඔහු අනිවාර්යයෙන්ම ස්වයං නිරෝධායනයට ලක් විය යුතු කෙනෙක්. ඒත් මේ උසස් නිලධාරියා ඒ සෞඛ්යාරක්ෂිත නීතිරිති සියල්ලම නොසලකා හරිමින් කටයුතු කරලා තිබීම නිසා මේ වනවිට විශාල පිරිසක් අවදානමට ලක් වෙලා තිබෙනවා.
මේ නිලධාරියා මේ විදියට වගකීම් විරහිතව නොසැලකිලිමත්ව කටයුතු කිරිම නිසා රජයේ සේවකයකු වන මා සමග තවත් රජයේ සේවකයන් වන මගේ සහෝදරයන් තුන් දෙනෙක් සහ අපේ පවුලේ සාමාජිකයන් පිරිසක් මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. ඒ වගේම ඔහු තවත් ස්ථාන රැසකට ගොස් තිබෙන නිසා ඒ ස්ථානවල පදිංචි කරුවනුත් ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙනවා යෑයිද රුවන් වාසල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම චෝදනාව තහවුරු කරමින් නම සඳහන් කිරීමට අකැමැති වූ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරියකු සඳහන් කළේ එම තැපැල් නිලධාරියා සෞඛ්යාරක්ෂිත උපදෙස් අනුගමනය නොකරමින් කටයුතු කර තිබීම සත්‍යය කරුණක් බවය. පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කිරීමෙන් පසුව සංචරණය කිරීම සම්පර්ණයෙන්ම තහනම් ක්‍රියාවක් වුවද මෙම නිලධාරියා එසේ හැසිරිම සමාජයට සිදු කරන ලද බරපතළ හාතියක් බවද ඔහු අවධාරණය කළේය.
-පුෂ්පකුමාර ජයරත්න-
0 Comments