හිටපු අමාත්‍ය  බැසිල් රාජපක්ෂහට පනවා තිබු විදේශ ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය
අද නියෝග කළේය.


2015 ජනාධිපතිවරණය සමයේ දිවි නැගුම සහනාධාර ලාභීන්ට සෙවිලි තහඩු ඇතුළු නිවාස උපකරණ බෙදා
දීමට එම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 2991 මුදලක් සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය පරිහරණය
කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්  බැසිල් රාජපක්ෂ ඇතුලු සිවු දෙනෙකුට පවරා ඇති නඩුව අද දිනයේදී
විනිසුරු ආර්.ගුරුසිංහ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කරනු ලැබිය.

බැසිල් රාජපක්ෂ වෙනුවෙන් නීතිඥවරයා පවසා සිටියේ  තම සේවාදායකයා ජනාධිපතිවරයා විසින් පත්කර
ඇති ආර්ථික කාර්ය සාධන කමිටුවක ප්‍රධානත්වය දරමින් කටයුතු කරන නිසා ඔහුට රාජකාරීමය කටයුතු
සඳහා විදෙස්ගත වීමට අවශ්‍යව ඇති බැවින් විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙසයි.

ඒ බව තහවුරු කිරීමට ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ලිපියක් ද අධිකරණයට ඉදිරිපත් කරන ලදී .