ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට රාජ්‍ය සේවකයන්ට සතියකට එක දවසක් බතික් හෝ අත්යන්ත්‍ර පේෂකර්මාන්ත නිෂ්පාදිත ඇදුම් ඇදීම සදහා චක්‍රලේඛයක් නිකුත් කරන බව බතික් කර්මාන්ත ඇමති දයාසිරි ජයසේකර මහතා පැවසීය. පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති සංවර්ධන කමිටු රැස්වීමකට ඊයේ (10දා)  එක්වෙමින් හෙතෙම  මේ බව පවසා සිටියේය. එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා,


” වර්තමානය වන විට බතික් කර්මාන්තයේ හා පේෂකර්මාත්තයේ තියන ප්‍රශ්නයක් තමයි මේ ඩිසයින්වල ප්‍රශ්නය.පරණ ඩිසයින් තමයි තියෙන්නේ. අලියයි කොටියයි. ඉරයි හඳයි ගහගෙන. පචිච පාට තමයි තියෙන්නේ.ඒ හින්දා ඒවා කවුරුවත් ගන්නේ නැත. ඒ වගේම පේෂකර්මය පැත්තෙනුත් ඩිසයින්ස්වල විශාල අර්බුදයක් තියෙනවා. දැන් අපේ රට පුරාම සිටින මෝස්තර නිර්මාණ ශිල්පීන් එක්ක එකතුවෙලා අලුත් මෝස්තර හඳුන්වා ෙදන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ලක්සලත්, සළුසලත් ඒක ස්ථානයකට මේ ටික හදා ගන්න පුළුවන්. ඒවගේම අපි දැන් වැඩපිළිවෙළක් සකස් කළා අමුද්‍රව්‍යවල ප්‍රශ්නය විසද ගන්න. දැන් ලොකු ඒකාධිකාරයක්  තියනවා ලංකාවට ඩයි ගෙන ඒම සම්බන්ධයෙන්. එක පුද්ගලයෙක් පමණයි ඉන්නේ. දැන් බතික් කර්මාන්තයට වැඩි ඉල්ලුමක් තියෙන නිසා මෙයා මිල වැඩි කරනවා.


රුපියල් 5000 එක 15000 ට 20,00ට විකුණනවා. මේක ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා මේ විසදන්න ඕන. අනිත් එක නූල් ප්‍රශ්නය. ගම්වල අත්යන්ත්‍රවලට පාවිච්චි කරන්නේ ලොකු සමාගම්වලින් එළියට දාන දෙවැනි  වර්ගයේ නුලයි. මේවාවලින් මහන සාරියට කාන්තාවෝ වැඩිය කැමති නෑ. ඒ නිසා අපි වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා ඩයි ටිකයි හොද නූල් ටිකයි ෙගන්න. ඒ වගේම ඉදිරී වසරේදී පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තියන පේෂකර්ම මධයස්ථාන අලුත්වැඩියා කටයුතු කරන්න පුළුවන්. පේෂකර්ම පුහුණු ආයතනයත් එක්ක එකතු වෙලා අවශ්‍ය කරන පාඨමාලා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය එක්ක අපි සාකච්ඡා කළා ලබන ජනවාරී ඉදලා රජ්‍ය නිලධාරින්ට සතියකට එක දවසක් අත්යන්ත්‍ර පේෂකර්ම හෝ බතික් නිෂ්පාදනවලින් අදුමක් අදින්න.


මේ කාර්යය ඉටු කරන ලෙස සියලු රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා. දැන් ඒක චක්‍රලේඛයක් විදිහට ආයතනවලට ලැබේවි. දැනටමත් ඇවිල්ලා ඇති කියලා මම හිතනවා. අපි මේ වැඩේ පටන් ගන්න ජනවාරි පළමුවැනිදා ඉදලා. ඒ වෙනකොට පේෂකර්ම මධ්‍යස්ථානවල සාරී ටික හදාගන්න පුළුවන් නම් කාන්තාවන්ට ද  සාරි ටික විකි ෙණයි. බතික් ටික හදාගන්න පුළුවන් නම් පිරිමින්ට ෂර්ට් ටික විකි ෙණයි. මේවා තව සමුපකාරවලට, ප්‍රාදේශීය සභාවට, සමෘද්ධි නිලධාරින්ට ආදී විදිහට හදාගන්න පුළුවන්.


දේශීය ඇගලුම් නිෂ්පාදනය වැඩි දියුණු කිරිමට ද අපි වැඩපිළිවෙළක් සකස් කර තියෙනවා.” යයිද පවසා සිටියේය. විමල් වීරවංශ, කංචන විජේසේකර, ප්‍රසන්න රණවීර, කනක ෙහ්රත්, රොෂාන් රණසිංහ, රමේෂ් පතිර, පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති අමරකීර්ති අතුකෝරල ඇතුළු මැති ඇමතිවරු රැසක් "මෙම අවස්ථාවට සහභාගී වූහ.


 - තුෂාර නෙන්නකෝන්-