පැරණි බෝගම්බර බන්ධනාගාරයේ වහලය මත නැගී නිරෝධනය වෙමින් සිටින රැඳවියන් පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර ඇති බව වාර්තා විය.


එහිදී ඔවුන් විරෝධතාවයේ යෙදී සිටින්නෙ තමන් සමග නිරෝධායනය වන බොහෝ පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත් එම නිසා ආසාදිත නොවූ පුද්ගලයන්ටද වෛරසය අසාදනය වීමට ඉඩකඩ වැඩි වීම හේතුවෙන් වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීම හෝ ආසාදිත පුද්ගලයන් සොයා ගැනීම සදහා තමන්ටද PCR පරීක්ෂණ සිදුකරන ලෙස ඉල්ලමිනි.

මේ වනවිට පැරණි බෝගම්බර බන්ධනාගාරය වෙත රැඳවියන් 800කට ආසන්න ප්‍රමාණයක් නිරෝධායනය සඳහා යොමුකර ඇති අතර ඉන් රැඳවියන් 30කට හා නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවද එහිදී වාර්තා විය.