04:52 PM අයවැය කතාව අවසන්
04:51 PM 2021දී අපේක්ෂිත ආර්ථික වර්ධන වේගය  සියයට 5.5ක් වෙනු ඇත.
2021 ජනවාරි සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය මූල්‍ය කළමනාකණ සංග්‍රහය හඳුන්වා දෙනවා.
2025දී අයවැය හිගය සියයට 4ක් බවට පත්කරනවා.

04:49 PM
රාජ්‍ය ආදායම - රුපියල් බිලියන 1961
රාජ්‍ය  වියදම - රුපියල් බිලියන 3525
අයවැය හිඟය - රුපියල් බිලියන 1564

04:47 PM මෙය කඩාවැටුණු ආර්ථිකයක් ගොඩ නැංවීමට ඉදිරිපත් කර ඇති සංවර්ධන අයවැයක්. අයේජන
අවස්ථා රාශියක් ඇති සංවර්ධන අයවැයක්.


04:46 PM කොළඹ වරාය නගරය ආකර්ශනීය ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කරනවා. එහි
සංචාරක හා වාණිජ කටයුතු 2021දී ආරම්භ කිරීමට නියමිතය. ඒ සඳහා විශේෂ නීති පද්ධතියක් ජනවාරි
මාසයේදී ස්ථාපිත කරනවා. එහි දේශීය සේවකයන් විදේශ ව්‍යවහාර මුදලින් වැටුප් ගෙවීමට කටයුතු කර
තිබෙනවා.


04:45 PM ග්‍රාමිය ජනතාවට ධාන්‍ය ගබඩා කිරීමට බහාලුම් කන්ටේනර් ලබාදෙනවා.
ප්‍රා දේශීය සභාවල කැළි කසල කළමණාකරණයට රුපියල් මිලියන 3000ක්.
සතිපොළ හා පොදු ස්ථාන පවිත්‍රව තබා ගැනීමට රුපියල් මිලියන 3000ක්.

04:44 PM සැමට ජලය ලබාදීමේදී 2021දී නිවාස ඒකක දෙලක්ෂයකට පානීය ජලය ලබාදෙනවා.
ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 50000ක් ඉදිකරනවා
ග්‍රාමීය පාලම් 10000ක් ඉදිකරනවා.
ජාතික පාසල් 1000ක වැඩසටහනම සමගාමීව ග්‍රාමීය පාසල් දියුණු කරනවා.
මාතෘ සායන වැඩිකිරීමට රුපියල් මිලියන 5000ක්
ප්‍රා දේශීය ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 3000ක ප්‍රතිපාදන
මැටි පිත්තල ලී කැටයම් ආදී සම්ප්‍රදායික ගම්මානවනවලට රුපියල් මිලියන 2000ක අතිරේක ප්‍රතිපාදන.
අලි මිනිස් ගැටුම


 4:39 PM    සෑම ග්‍රාමසේවා කොට්ඨාසයකටම සමෘද්ධි වෙළඳසැල් ආරම්භ කරනවා. මේ සඳහා රුපියල් මිලියන 1000ක අතිරේක ප්‍රතිපාදන ලබාදෙනවා.    

04:38 PM    අනිවාර්ය විශ්‍රාම ගැනීමේ වයස රාජ්‍ය අංශයේ අවුරුදු 60ක් හා පෞද්ගලික අංශයේ 55ක් ලෙස නියම කර තිබෙනවා. පවත්වා ඉහළ ජීවිත අපේක්ෂා පාදක කරකරගෙන කාන්තා හා පිරිමි විශ්‍රාම ගන්නා වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කරනවා.    

04:36 PM    ස්වයං රැකියා, ඇඟළුම්, සංචාරක, වැවිලි ඇතුළු ක්ෂේත්‍ර රාශියක සේවකයන් වෙනුවෙන් දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කරනවා.

04:36 PM    ගංගා වෙත අවිධිමත් අපද්‍රව්‍ය බැහැර කිරීම් නවතා දැමීමට කටයුුතු කරනවා. අක්කර 15000ක වන වගා කරනවා. තෝරා ගත් ස්ථානවල වන වගා කරනවා. නීති විරෝධී කැලෑ විනාශ කිරීම් වැටලීමටත්, වනාන්තර නැවත වගා කිරීමටත් ගුවන් හමුදාවේ සහාය ලබා ගන්නවා.

04:32 PM    රාජ්‍ය සේවකයින් සඳහා සුර්යකෝෂ ලබා දීමට ණය යෝජනා ක්‍රමයක්, රාජ්‍ය සේවකයින්ගේ නිවාස හා අතිකාරම් ණය සඳහා උපරිම පොළිය සියයට 7ක් දක්වා අඩු කිරීමට යෝජනා.    

04:30 PM     නීති කෂේත්‍රයේ කටයුතු කඩිනම් කිරීමට සහ සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 20ක් වෙන් කරන අතර සමාගම් පනතට කාලීන වෙනස්කම් සිදුකර ජනවාරි මස එළිදැක්වීමට යෝජනා කෙරේ.

 04:21 PM බැංකු නොවන මූල්‍ය ආයතන අධික්ෂණයට  ශක්තිමත්  ව්‍යුහයක් ඇති කිරීමට නව නීතී.
04:18 PM ඉදිකිරිමේ ක්ෂේත්‍රයට අදාල ශ්‍රමිකයින් වෘත්තීය පුහුණු ආයතන වලින් ලබා ගැනිමට පියවර

04:14 PM වාහන අලුත්වැඩියාවට සහ එකලස් කිරිමේදි අවශ්‍ය ⁣අමතර කොටස් ආනයනයට බදු සහන

04:09 PM ආසියා පැසිෆික්, බටහිර රටවල් වල ව්‍යාපාරික අවස්ථා වලින් ප්‍රයෝජන ගැනීමටත් ඒ සඳහා ඇති බාධා ඉවත් කර ගැනීමට කටයුතු කරනවා.

04:08 PM කොසු, ඉදල්, පාපිසි, පොල් ආශ්‍රීත කර්මාන්ත ඇතුළු ද්‍රව්‍ය ගෘහස්ත ආශ්‍රිත කර්මාන්ත ලෙස දියුණු කිරීමට යෝජනා කරනවා.
04:07 PM ඛණිජ වැලි, පොස්පේට් ඉහළ වටිනාකමින් යුක්ත ලෙස නැනෝ තාක්ෂණය භාවිතා කර ඒවා දියුණූ කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 2000 ක් වෙන් කරනවා.

04:06 PM මැණික් අපනයනයේ දී වසර තුනක අපනයන බදු විරාමයක්.

04:05 PM  දේශිය නිෂ්පාදන , කෘෂි ද්‍රව්‍ය හැර සෙසු  කෘෂි භාණ්ඩ ආනයනයේ දී විශේෂ ආනයන බද්දක්

04:05 PM අලුතින් පවුල් ලක්ෂ 35කට ජලය ලබාදීමට සැලසුම් සකස් කර තිබෙනවා. නව ව්‍යාපෘති
40ක් ආරම්භ කරනවා. ඒ සඳහා තවත් රුපියල් බිලියන 75ක් වෙන්කරනවා.
04:04 PM නව ජල යෝජනා ක්‍රම සඳහා රුපියල් ට්‍රිලියනක ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා.
04:04 PM මොරගහ කන්ද වාරි මාර්ග සැලැස්ම පුළුල් කරනවා. ගිං නිල්වලා වැනි වාරිග මාර්ග
ව්‍යාපෘති පුළුල් කරනවා. දිස්ත්‍රික්ක 11ක කුඩා හා මධ්‍ය පරිමාන වැව් ප්‍රතිසංස්කරණය කරනවා.

04:03 PM ක්‍රීඩාවේ  උන්නතිය වෙනුවෙන් සූරියවැව ප්‍රදේශයට නවීන ක්‍රීඩා නගරයක්

04:03 PM දුෂ්කර ප්‍රදේශවල විහාරස්ථාන දියුණුව සඳහා රුපියල් මිලියන 200ක අතිරේක ප්‍රතිපාදන වෙන් කරනවා.

04:00 PM සූර්ය බලයෙන් ක්‍රියාත්මක කරන ජල පොම්ප සඳහා රුපියල් 150000ක සහන ණය යෝජනා

ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා. විදුලිය නොමැති ගම්වලට සූර්ය බල හෝ ග්‍රාමීය විදුලි බල බලාගාර
ලබාදී 2021දී සැමට විදුලිය යථාර්තයක් කර ගැනීමට රුපියල් මිලියන 750ක් වෙන්කරනවා.

03:59 PM ගමට බලාගාරයක් ගමට ව්‍යවසායක් වැඩසටහන යටතේ සූර්ය බල ව්‍යාපෘති 10000ක්
ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා.

03:52 PM 2021-2023 අතර මෙගාවොට් 1000ක් ජාතික විදුලි බල පද්ධතියට  එක් කරනවා .

03:51 PM ලක්විජය බලාගාරයට මෙගාවොට් 300ක ගල් අඟුරු බලාගාරයක් හා මෙගා වොට් 600ක
එල්.එන්.ජී. බලාගාර දෙකක් ඉදිකරනවා.

03:50 PM කොළඹ හා තදාසන්න ප්‍ර දේශවල දුම්රිය මාර්ග පුළුල් කිරීමටත්, කැළණි වැලි දුම්රිය
මාර්ගය සංවර්ධනය කිරනවා. මාර්ග සංවර්ධනය සඳහා රුපියල් බිලියන 1300ක ආයෝජනයක් වසර තුනක්
ඇතුළත සිදුකරනවා.

03:48 PM මැරින් ඩ්‍රයිව් මාර්ගය මොරටුව දක්වා දීරඝ කිරීමට සැලසුම් කර තිබෙනවා.

03:47 PM කහ හා ඉඟුරු ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කරනවා.

03:46 PM කුරුණෑගල හා දඹුල්ල අධිවේගී මාර්ගයත් පොතුහැර සිට දඹුල්ල කොටසත් ඉදිකිරීමට කටයුතු
කරනවා. රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු කොටස ඉදිකරනවා.
03:44 PM වැවිලි කේෂ්ත්‍රයේ සංවර්ධන කටයුතු වලට රුපියල් මිලියන 200 ක් වෙන්කරනවා.
03:43 PM වතු කම්කරු වැටුප 2021 ජනවාරි 01 දා සිට රුපියල් 1000ක් කිරීමට යෝජනා කරනවා.

03:39 PM පුරන් කුඹුරු වල පොල් හා තැඹිලි වගා කිරීම දිරිමත් කරනවා.

03:37 PM ලංකාවේ නොමැති මත්ස්‍යයින් ආනයනය කිරීමේ ක්‍රමවේදය සරළ කරනවා. ධීවර සංස්ථාව
ලාභදායි මට්ටමට ගෙන ඒමට රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන වෙන් කරනවා.

03:35 PM කිරිපිටි ආනයන වෙනුවට අපනයනය කරන සමාගම් වෙනුවෙන් බදු සහන ලබාදෙනවා. මිරිදිය
මත්ස්‍ය නිශ්පාදනය වැඩිකිරීමට රුපියල් මිලියන 150ක ප්‍රතිපාදන වෙන් කරනවා.

 03:36 PM පොහොර නොමිලේ ලබා දීමටත් අනෙකුත් වගාවන් සඳහා රුපියල් 1500 කට පොහොර ලබා දීමට සැලසුම් කරනවා. 

03:34 PM කිරි ගොවීන් වෙනුවෙන් සියයට 7.5ක වාර්ෂික පොලියක් යටතේ රුපියල් ලක්ෂ 5ක් දක්වා ණය
මුදලක් ලබාදීමට යෝජනා.


03:33 PM වගා අධාර ක්‍රමයක් යෝජනා කරනවා.

03:32 PM පුහුණු ශ්‍රමියන් රට යැවීමටත් විදේශ රැකියා පිටත්ව යන අයට රක්ෂණ ක්‍රමයක්  හඳුනා දීමට යොජනා කරනවා.

03:32 PM බිජ පොහොර ලබාදීමට ප්‍රතිපාදන සකස් කරනවා.

03:32 PM වගා නොකරන පුරන් කුඹූරු වගා කිරිමට කටයුතු කිරිමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලය පවරනවා

03:32 PM දුෂ්කර ප්‍රදේශවල විහාරස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 250 ක් 

(02.43 pm අය වැය කතාව මිනිත්තු 30 කට විවේකයක් ලබා දුණි)

02:42 PM කෘතීම ධාවන පථ සහිත පාසල් 10ක ක්‍රීඩා පහසුකම් දියුනු කරනවා. 2025වන විට ඩොලර්
මිලියන 1000ක ක්‍රීඩා ආර්ථිකයක් ගොඩ නැංවීමට කටයුතු කරනවා.

02:40 PM දිස්ත්‍රික්කයකට එක බැගින් වෘත්තීය විශ්වවිද්‍යාල ඇති කිරීමට කටයුතු කරනවා.

02:36 PM වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව ලක්ෂ දෙකක් දක්වා වර්ධනය කිරීමට කටයුතු
කරනවා. ශිෂ්‍යාධාර වෙනුවෙන් රුපියල් මිලියන 3000ක අමතර ප්‍රතිපාදන ලබාදෙනවා.

02:34 PM දුෂ්කර පාසල් සඳහා රූපවාහිනී යන්ත්‍ර හරහා ගුරු ගෙදර සෑම සිසුවෙකු වෙතම ප්‍රවේශ
කිරීමට කටයුතු කරනවා. මේ සඳහා රුපියල් මිලියන 3000ක් වෙන්කරනවා.

02:33 PM නොකඩවා ත්‍රි පෝෂ ලබාදීම ලබන මාර්තු මස සිට ආරම්භ කරනවා.

02:32 PM ත්‍රි පෝෂ නිශ්පාදනය වැඩිකිරීමට රුපියල් මිලියන 1500ක අතිරේක ප්‍රතිපාදන වෙන්කරනවා.

02:30 PM සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 18000ක අතිරේක ප්‍රතිපාදන
වෙන්කරනවා. නව රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කරනවා. සේවක සංඛ්‍යාව 50ට වැඩි
ආයතනවල පිරිවැටුමෙන් කොටසක් රක්ෂණ ක්‍රමයට හඳුන්වා දෙනවා.

02:28 PM සන්නිවේදන කුළුණු ඉදිකිරීමට යෝග්‍ය ඉඩම් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට
පවරනවා. තාක්ෂණ උද්‍යාන පහක් ගාල්ල කුරුණෑගල මඩකලපුව ඇතුළු ප්‍ර දේශ පහක ඉදිකරනවා.
මේවා පරිසර හිතකාමී නව නගර වශයෙන් දියුණු කිරීමට රුපියල් මිලියන 10000ක් වෙන්කරනවා.

02:25 PM තාක්ෂණික ක්ෂේත්‍රය පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 8000ක ප්‍රතිපාදන වෙන්කරනවා. ගමට සන්නිවේදනය වැඩසටහන සමස්ත රටටම ව්‍යාප්ත කිරීමට රුපියල් මිලියන 15000ක ආයෝජනයක් සිදුකරනවා. 

02:22 PM පොලිස් සේවය ශක්තිමත් කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. මහජන ආරක්ෂාව සඳහා විවිධ ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 2500ක අතිරේක ප්‍රතිපාදන වෙන්කරනවා.
 

02:21 PM ත්‍රිවිධ හමුදාවට රුපියල් මිලියන 20000ක අමතර මුදල් පහසුකම් වෙන්කරනවා.

02:20 PM ශ්‍රී ලංකා නාවික හමුදාව ශක්තිමත් කිරීමට මුල්තැන දී තිබෙනවා. ශ්‍රී ලංකාව
මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන්ගේ තිප්පොලක් බවට පත්වීම වැළැක්වීමට මේ හරහා කටයුතු කරනවා. ශ්‍රී
ලංකා යුද හමුදාව හා ගුවන් හමුදාව ආපදා කළමනාකරණයේදී අවශ්‍ය කෙටිකාලීන පහසුකම් හා යන්ත්‍ර
උපකරණ පිළිබඳව අවධානය යොමුකර තිබෙනවා.

02:19 PM කොළඹ හා හම්බන්තොට කේන්ද්‍ර කරගෙන බන්ධිත ගුදම් පහසුකම් සඳහා අක්වෙරළ සමාගම්
සඳහා කුලී බදු සහන ලබාදීමට යෝජනා කරනවා.

02:16 PM සියයට 7  ක ණය පොලියට සමෘද්ධි ව්‍යවසායන් සඳහා ණය ලබාදීමට කටයුතු කරනවා.
දේපළ ආයෝජන භාරය නිත්‍ය නිවාස වෙළඳපොල නියෝජනය දිරිමත් කිරීම සඳහා ලාභාංශ බද්ද නිදහස්
කරනවා.
දේශීය සමාගම් කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තු ගත කිරීමට සියයට 25ක බදු කපා හැරීමක් යෝජනා
කරනවා. ප්‍රාග්ධන ලැබීම් බද්ද සරළ කරනවා.

02:14 PM ජාතික ඉතිරි කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නවා. සමෘද්ධි බැංකු
විසින් සෑම සමෘද්ධි ලාභියෙක් සඳහාම ගිණුමක් විවෘත කර ජීවන ගෙවීම් එම ගිණුමට තැන්පත් කිරීමට කටයුතු
කරනවා. එම මුදල් භාණ්ඩාගාර බැදුම්කරවල ආයෝජනය කිරීමට කටයුතු කරනවා.

02:11 PM විශේෂ බදු අභියාචනා උසාවියක් ස්ථාපිත කරනවා. කෘෂිකර්ම, සත්ව කර්මාන්ත බදුවලින්
නිදහස් කරනවා. විදේශ ආදායම් ආදායම් බදුවලින් නිදහස් කරනවා.
 

02:09 PM බදු නීතිය සංශෝධනය කිරීමට කටයුතු කරනවා. දේශීය ආදායම් පනත යටතේ අවශ්‍ය උපදෙස්
නිකුත් කිරිමට යෝජනා කරනවා.

02:08 PM ආර්ථික සේවා ගාස්තු හා ජාතික ගොඩනැගීමේ බදු වැනි හිඟ බදු ගෙවන්නනට සහන බදු
ගෙවීමට යටත්ව ලිපි ගොනු වසා දැමීමට කටයුතු කරනවා.
 

02:07 PM විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් හඳුන්වා දීමට යෝජනා කරනවා.

02:06 PM ඉතා සරළ බදු ක්‍රමයක් 2020 ජනවාරි මාසයේ ක්‍රියාත්මක කළා. එම බදු ප්‍රතිපත්තිය
ඉදිරි වසර පහ තුළ නොවෙනස්ව ක්‍රියාත්මක කරනවා. ව්‍යාපාර පිරිවැටුම මසකට රුපියල් මිලියන 25ට
වැඩි ව්‍යවසායන් සඳහා පනවා ඇති සියයට 8ක බද්ද නොවෙනස්ව පවත්වාගෙන යනවා.

02:05 PM දේශීය අරමුදල් හැකිතාක් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට කටයුතු කරනවා.

02:03 PM තරුණ තරුණියන්ට නව ව්‍යවසායන් ආරම්භ කිරීමට අවශ්‍ය ණය මුදල් ලබාදීමට මුදල් වෙන්කර
ගැනීමට හැකිව තිබෙනවා.

01:58 PM බැංකු හා මූල්‍ය පද්ධතිය ප්‍රතිසංස්කරණය කළ යුතුයි. බැංකු නව දැක්මකින් කටයුතු කළ
යුතුයි. විදේශ ඉපයුම් වැඩි කිරීම අවශ්‍යයි. විදේශ වෙළඳාමේ හිඟය අඩුවන පරිදි කටයුතු කළ යුතුයි.

01:56 PM සැමට ප්‍රතිලාභ ලැබෙන සියයට 6ක් ඉක්ම වූ ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යෑම
අපේක්ෂාවයි.

01:50 PM නිදහස් සෞඛ්‍ය හා නිදහස් අධ්‍යාපනය තවදුරටත් පුළුල් කරනවා.

01:47 PM අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් අයවැය කථාව
ආරම්භ කළේය.