ගෝනගංආර පොලිස් වසමට අයත් බුත්තල වගුරුවෙල ගම්පොරාව ප්‍රදේශයේ නිවෙසකට අයුතු ලෙස ඇතුළු වී එම නිවසේ සිටි කුඩා දරුවකු පොළවේ ගසන බවට තර්ජනය කර එම නිවසේ සිටි කාන්තාවක් බිය ගන්වා රුපියල් එක්ලක්ෂ තිස් දෙදහසක් වටිනා රන් භාණ්ඩ 01දා කොල්ලකා ගොස් ඇතැයි ගෝනගංආර පොලිසිය පවසයි. මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ බුත්තල වගුරුවෙල
කාමරයක් තුළින් ශබ්දයක් ඇසී බැලීමේදී නාදුනන පුද්ගලයකු එම කාමරයේ සිටිනවා දැක තිබේ. සැකකරු මෙම කාන්තාවගේ කෙස් වැටියෙන් අල්ලා පිහියක් පෙන්වා රන් භාණ්ඩ ලබාදෙන ලෙස තර්ජනය කර ඇති අතර පසුව සැකකරු නිවෙසේ කාමරයක් තුළ නිදාගෙන සිටි දරුවකුගේ කකුල් දෙකින් උස්සා පොළොවේ ගසන බවට මෙම කාන්තාව බියවද්දා මෙම රන් භාණ්ඩ කොල්ල කාගෙන ගොස් ඇත.
සොරාගත් රන් භාණ්ඩ අතර රුපියල් හැටදහසක් වටිනා රන් මාලයක් හා රුපියල් දොලොස්දහසක් වටිනා පැළඳ සිටි කරාබු ජෝඩුවද වන බව පොලිසිය පවසයි. මෙම සොරකමෙන් පසු සැකකරු මෙය කිසිවෙකුට නොකියන ලෙස තර්ජනය කර නිවෙසේ පිටුපස දොරින් පලාගොස් ඇතැයි මේ පිළිබඳ විමර්ශන කටයුතු සිදුකරන නිලධාරියෙක් පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර සොරාගෙන ගොස් ඇති රන් භාණ්ඩ පිළිබඳවද තොරතුරක් නැති බව පොලිසිය කියයි.
-නයනජීව බණ්ඩාර-
0 Comments