මේ වනවිට බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටින ටෙලි නාට්‍ය කණ්ඩායමක් නිසා පසුගිය දිනවල කලබලයක් ඇති වුණා.
මෙම ටෙලි නාට්‍යය වුනේ කැන් යූ හියර් මී නමැති ජාතික රූපවාහිනියෙන් විකාශය වන ටෙලි නාට්‍යයි.
නිරෝධායන නීති උල්ලංඝනය කරමින්, රූගත කිරීමක් කරමින් සිටි නළු නිළි කණ්ඩායමේ 24 දෙනකු බණ්ඩාරවෙල ප්‍රධාන ලැගුම්හලක දී 31දා නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කළ බව බණ්ඩාරවෙල පරිපාලන මහජන සෞඛ්‍ය නිලධාරී වරයා පසුව දන්වා තිබුණා.
නිරෝධායන ඇඳිරි නීති සමයේ ටෙලි නාට්‍ය රූගත කිරීම වරදක් බවට ප්‍රදේශවාසීන් විසින් සිදු කළ පැමිණිලි මත ටෙලි නිළි ශලනි තාරකා ඇතුළු නළු නිළියන් පිරිස දින 14 ක නිරෝධායනයකට යටත්ව සිටින ලෙස දන්වා ඇතැයි වාර්තා වුණා.
බණ්ඩාරවෙල පළමු පටුමග අබතැන්නවත්ත ලැගුම්හලක මෙම නළු නිළියන් පිරිස කිසියම් රූගත කිරීමක් සිදුකරන බවට ලැබුණු තොරතුරකට අනුව කළ පරික්ෂවක දී මෙම පිරිස සොයාගෙන ලැගුම්හල තුළම නිරෝධායනයට යොමු කළ බව ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරීවරයා සඳහන් කර තිබුණි. රටේ පවතින වසංගත තත්ත්වය හමුවේ නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ලැගුම්හල් හිමියාට සහ එහි සිටි පිරිසට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද දන්වා තිබුණා.
මෙම කණ්ඩායමේ නළු නිළියන් ගණනාවක් සිටි නමුත් වැඩිපුරම කලබලයට පත්වුනේ පසුගියදා හොඳම ජනප්‍රියම සම්මාන ද්විත්වයම ලැබී විශේෂ පිළිගැනීමක් ලද ටෙලි නිළි ශලනි තාරකාය.
ඇය සම්බන්ධයෙන් සිද්ධිය වූ දිනයේ පැතිර ගිය ආරංචි වලට ඇය පිළිතුරු බැන්ද අතර ඇතැම් වෙබ් අඩවි වලට තමන්ගේ නම හා ඡායාරූප යෙදීම සම්බන්ධයෙන් චෝදනා පවරා තිබුණි. ඇයගේ තර්කයක් වූයේ නිරෝධායන නීති අනුව එලෙස නිරෝධායනය වන අය ගැන ප්‍රසිද්ධ කිරීම වැරදි බවයි.
මේ අතර ඇය තමන්ට විරුද්ධව ෆේස් බුක් පිටු හා ගොසිප් සයිට් වල
ඇය කියා සිටියේ ඇය තම කන්ඩායම සමග සවස ෆේස් බුක් ලයිව් ඇවිත් සියල්ල හෙලි කරන බවකි.
කෙසේ වෙතත් සවස කණ්ඩායමක් එසේ නොපැමිණි අතර ඇය පමණක් තනිව ෆේස් බුක් වෙත උත්තර දුන්නේ කණ්ඩායමේ අනෙක් අය කවුද යන්නද සදහනක් නොකරමිනි.
ෆේස් බුක් ඔස්සේ වීඩියෝ මාධයෙන් සැපයූ පිළීතුරෙහි ඇය ඇතුළු 25 ක කණ්ඩායම කොළඹ සිට බන්ඩාරවෙල ගියේ ඇඳිරි නීතිය පැනවීමට පෙර බව ඇය කියා සිටි අතර එහි සිටියදී ප්‍රදේශවාසීන්ගේ පැමිණිලි වලට ලක් නොවූ බව දන්වා සිටියාය.
ඇය සිටි ස්ථානයට පොලිසිය හා සෞඛ්‍ය බලධාරීන් පැමිණි බවත් ඔවුන් කළ නියෝග වලට අවනත වූ බවත් ඇය කියා සිටි අතර
සෞඛ්‍ය නිලධාරීන්ගේ නීති වලට ලක්වන්නට සිදුවූ බව හා තමා ඇතුළු පිරිස දැන් නිරෝධායනයට යොමුවී සිටින බව ඇය පිළිගත්තාය. එසේම තමා ඇතුළු අය පීසීආර් පරීක්ෂණ වලට පෙනී සිටි බවත් ඒවායේ ප්‍රතිඵල ලැබෙන තුරු අපේක්ෂාවෙන් පසුවන බවත් ඇය දන්වා සිටියේ දින14 ගත නොකර පීසීආර් නෙගටිව් නම් යලි පැමිණෙන්නට හැකි බවට ඉඟියක්ද සපයමිනි.
0 Comments