මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස සී.ඩී වික්‍රමරත්න මහතා අද පෙරවරුවේ පොලිස් මූලස්ථානයේදී සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේ ය.

සී.ඩී වික්‍රමරත්න මහතා 1986 වසරේදී ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස සේවයට එක්ව තිබේ.


ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සහ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ උපාධිධරයෙකි.

මීට අමතරව සී.ඩී වික්‍රමරත්න මහතා බැට්ෆොර්ට් විශ්වවිද්‍යාලයෙන් සහ හාර්වඩ්  විශ්වවිද්‍යලයෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමා හදාරා තිබේ.

2019 අප්‍රේල් 28 වැනිදා සිට සිට වසරකට අධික කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ ද සී.ඩී වික්‍රමරත්න මහතා ය. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර පාස්කු ප්‍රහාර නඩුව නිසා රක්ෂිත බන්ධනාගාරයට නියම වීම නිසා අනිවාර්ය නිවාඩු යාම ඊට හේතුවයි. 19 වන සංශෝධනය ප්‍රකාරව පැවති පොලිස් කොමිසම අහෝසි වනතුරු ජයසුන්දරගේ තනතුර ඉවත් කිරීමට නීතිමය බලයක් නොතිබුණ නමුත් මේ වනවිට 20 වන සංශෝධනයෙන් පොලිස් කොමිසම අහෝසිවී එම අවහිරතාව ඉවත්විය.