කොළඹ නගර සීමාවෙන් ඊයේ (18) පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළදී කොරෝනා වයිරස ආසාදිතයන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයෙන් බවත් එම සංඛ්‍යාව 37 දෙනකු බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. රටපුරා කොරෝනා ආසාදිතයන් 401 දෙනකු ඊයේ උදේ 6.00න් අවසන් වූ
දෙවන කොරෝනා රැල්ල ආරම්භ වූ ඉකුත් ඔක්කතෝබර් මස 4 වැනිදා සිට මේ වන තෙක් කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 5,899දෙනකුද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 4,998දෙනකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 618දෙනකුද වාර්තා වී ඇතැයි ද එම මධ්‍යස්ථානය කියයි. මෙරට දිස්ත්‍රික්ක 25 අතරින් ඊයේ උදේ අවසන්වූ පැය 24ක කාලය තුළ කොරෝනා ආසාදිත රෝගීන් හමුවී ඇත්තේ දිස්ත්‍රික්ක 08කින් පමණක් බවත්, කොළඹ, ගම්පහ, කළුතර, නුවර, ගාල්ල, පුත්තලම, කුරුණෑගල, සහ නුවරඑළිය එම දිස්ත්‍රික වන බවත් එම මධ්‍යස්ථානය සඳහන් කරයි. දිවයිනේ දිස්ත්‍රික්ක 16කින් කිසිදු කොරෝනා රෝගියකු එම පැය 24 තුළ වාර්තා වී නොමැති වීම විශේෂයක් වන අතර, කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක තුනෙත් හැර අනෙක් දිස්ත්‍රික්කවල කොරෝනා රෝගීන් වාර්තාවී ඇත්තේ අවම මට්ටමකින් බවත් එම මධ්‍යස්ථානය පවසයි.
-නිමත්ති රණසිංහ-
0 Comments