
කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (29) පෙරවරු 6.00න් අවසන් වූ පැය 24 තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 223 දෙනා අතරින් රෝගීන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ, අලුත්කඩේ ප්‍රදේශයෙන් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව කොළඹ අලුත්කඩේ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති රෝගීන් ගණන 56 දෙනෙකි.
කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයෙන් නිකුත් කර ඇති නවතම වාර්තාවට අනුව ඊයේ (29) පෙරවරු 6න් අවසන් පැය 24 තුළ බ්ලූමැන්ඩල් ප්‍රදේශයෙන් 45 දෙනකුද, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයෙන් 28දෙනකුද, කොටුව ප්‍රදේශයෙන් 19 දෙනකුද, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් 13දෙනකුද, මට්ටක්කුලිය ප්‍රදේශයෙන් 13දෙනකුද, කිරුළපන ප්‍රදේශයෙන් 09 දෙනකුද, මරදාන ප්‍රදේශයෙන් 07 දෙනකුද, කොල්ලුපිටිය ප්‍රදේශයේ 05 දෙනකුද, වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් 05දෙනකුද, අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් 04දෙනකුද, බත්තරමුල්ල ප්‍රදේශයෙන් 02දෙනකුද, පිටකොටුව ප්‍රදේශයෙන් 02 දෙනකුද, බම්බලපිටිය, වැල්ලවත්ත සහ දෙහිවල යන ප්‍රදේශවලින් එක් ආසාදිතයකු බැගින්ද කොරෝනා රෝගීන් හඳුනාගෙන ඇතැයි සඳහන් වෙයි.
-නිමන්ති රණසිංහ-
Comments
Post a Comment
Your comment will be visible after approval