අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල දෙවැනි පර්යන්ත ව්‍යාපෘතියේ නැවතී තිබූ වැඩ ඇරඹිම අද සිදුවිය.
සෞභාග්‍යයේ දැක්ම යටතේ ගුවන්තොටුපොල ගුවන්සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික ආයතනය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපොලවල් සංවර්ධනය කිරීම ආරම්භ කිරීමට සමඟාමීව මෙම ව්‍යාපෘතියේ වැඩ ආරම්භ වුණි.
2014 වර්ෂයේදී රාජපක්ෂ මහතාගේ හා ජපානයේ ගරු අග්‍රාමාත්‍ය ශින්ෂෝ අබේ මැතිතුමාගේ සහභාගීත්වයෙන් ගුවන් තොටුපොලේ 2වන අදියරේ කටයුතු සැලසුම් කෙරුණද, 2015 දී බලයට පත්වූ යහපාලන ආණ්ඩුව එම සංවර්ධන ව්‍යාපෘතිය ප්‍රමාද කළ බවත් මෙහි සංවර්ධන කටයුතු ඇණ හිටි බවත් පැවසිණි.
නමුත් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මෙහි ඉදිකිරීම් කටයුතු යළි කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත.
වර්තමානයේ මගී මෙහෙයුම් කටයුතු සඳහා ප්‍රමාණවත් පර්යන්ත පහසුකම් නොමැතිවීම ගැටළුවක් වී ඇත්තේ දැනට ඇති මඟී පර්යන්තය මඟීන් 60 ලක්ෂයක මෙහෙයුම් සඳහා ප්‍රමාණවත් ලෙස සකසා ඇති බැවිනි.
බණ්ඩාරනායක ගුවන්තොටුපොල 2 අදියර තැනීම් කටයුතුවල සේවා දායක සපයනු ලබන්නේ ගුවන්තොටුපොල හා ගුවන්සේවා අධිකාරියයි. JV , ජපාන ගුවන්තොටුපොල උපදේශ සමාගම් හා නිපොන් කොයි සමාගම එහි උපදේශකත්වය දරනු ඇත.
වසර 3 ක කාලයකින් මෙහි වැඩ කටයුතු අවසන් කිරීමට අපේක්ෂිත අතර ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (ජයිකා) මුල්‍ය සැපයුම් කරු ලෙස කටයුතු කරනු ලබයි. ජපානයේ ටායිසේයි සමාගම ව්‍යාපෘති කොන්ත්‍රාත්කරු ලෙස කටයුතු කරයි.වැඩ නිම වීමෙන් පසු 90 ලක්ෂයක මඟී ධාරිතාවක් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙහි, සම්පූර්ණ ණය මුදල 100%ම ගුවන් තොටුපොල හා ගුවන්සේවා ආයතනය මඟින් ගෙවනු ලබයි.
නව තාක්ෂණ භාවිතය තුළින් වැඩ අවසන් කිරීමට නියමිත මෙහි පැමිණෙන හා පිටත්වෙන මගින් වෙන් කිරීම, මධ්‍යගත ආරක්ෂක පාලන ක්‍රමය, බහු මහල් වාහන නැවතුමේ සිට ගුවන්තොටට සෘජු පැමිණීමේ / පිටවීමේ පහසුකම්, විශාල ගුවන් යානා ගමන් සඳහා වෙන් කළ මඟී පිවිසුම් ගේට්ටු (Air bus A380), විශේෂ අමුත්තන්ගේ විවේකාගර, ගුවන්සේවා විවේකාගාර වෙනත් විවේකාගාර - පැමිණීම් හා පිටවීම්, විවෘත සංකල්පය යටතේ ගේට්ටු යාබද විවේකාගර, තීරු බදු රහිත සාප්පු, ආපන ශාලා, ආහාර පාන සැපයීම් රැදවුම් මඟීන්ට මහා පර්යන්තයෙන් පිටත, නැරඹුම් ගැලරිය, යනාදී අංග සම්පූර්ණ සැකැස්මකින් සමන්විතය.
Plan Photo 1
Plan Photo 2
0 Comments