වෛරසයට එරෙහිව 90%ක සාර්ථක බවක් පෙන්නුම් කර තිබෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ Pfizer සමාගම සහ ජර්මනියේ BioNTech සමාගම එක්ව නිපදවා ඇති එන්නතේ මිලියන 50ක් මේ වසරේදී නිපදවීම සැලසුම බව එම සමාගම් පවසයි.
පසුගියදා නොවැම්බර් 08දා සිදු කළ තෙවැනි සායනික පරීක්ෂාවේදී මෙම සාර්ථකත්වය පිළිබඳව අනාවරණය කරගැනීමට හැකි වූ බව සමාගම නිවේදනය කර තිබුණි. මෙම එන්නත BNT162b2 ලෙස නම් කර ඇත


mRNA පාදක කරගත් මෙම BNTI62b2 ඒන්නත SARS-CoV-2 වෛරසයට එරෙහිව ඉතා හොඳ සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර තිබෙනවා. ඒහිදී මීට පෙර එම වෛරසය ආසාදනය වූ බවට කිසිදු සඳහනක් නොමැති පිරිසකට මේ එන්නත ලබාදුන් අතර, පසුගිය නොවැම්බර් 08දා සිදු කරන ලද පළමු වැනි අතරමැදි සඵලත්ව විශ්ලේෂණයට  අනුව එහි සාර්ථකත්වය පෙන්නුම් කර තිබෙනවා. එන්නතේ තෙවැනි සායනික කර තිබේ. ඒ අනුව 2020 වසරේදී මෙම එන්නතේ මාත්‍රා මිලියන 50ක් නිපදවීමටත්, 2021 වනවිට බිලියන 1.3ක් නිපදවීමටත් සැලසුම් කරගෙන සිටින බව Pfizer සමාගම පවසයි.


මේ තත්ත්වයත් සමග එම සමාගම් දෙක එම එන්නත නිපදවීමෙන් ඉදිරියේදී ඇ.ඩො.බිලියන 13ක ආදායමක් උපයා ගනු ඇතැයිද අදහස් පළ වී තිබේ. දැනටමත් යුරෝපා සංගමය එම එන්නත් මිලියන 200ක් ඇණවුම් කර ඇති අතර, එක්සත් රාජධානියත් එන්නත් මිලියන 40ක් ඇණවුම් කර තිබේ. Pfizer සමාගම  දැනටමත් එක්සත් ජනපදය වෙත මෙම එක එන්නත් මාත්‍රාවක් එක්සත් ජනපද ඩොලර් 19.50ක වටිනාකමක් යටතේ එන්නත් මිලියන 100ක් ලබාදීමට කැමැත්ත පළකර තිබේ. සමාගමට අනුව වෛරසයෙන් බේරීම සඳහා මෙම එන්නත් මාත්‍රා දෙකක් ලබාදිය යුතුව ඇත. ඒ අනුව එක් රෝගියෙකු සඳහා වැය වන මුදල ඩොලර් 39ක් එනම් ශ්‍රී ලංකා මුදලින් රු.7,250ක පමණ වෙයි.