ගාල්ල, මකුළුව ප්‍රදේශයේ එකම පවුලේ සිවු දෙනකුට සහ රත්ගම, පිටිවැල්ල ප්‍රදේශයේ මවකට හා
පුතකුට කොරෝනා වයිරස ආසාදනය වී ඇති බවට පෙරේදා (8දා) තහවුරු වූ බව ගාල්ල දිස්ත්‍රික්
ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාආරච්චි මහතා පවසයි.
රත්ගම, පිටිවැල්ල ප්‍රදේශයේ කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්තේ 46 හැවිරිදි වියේ පසු වන
කාන්තාවකට සහ දහහත් හැවිරිදි වියේ පසුවන ඔහුගේ පුතාටය. මීට පෙර මෙකී කාන්තාවගේ සැමියාට
ආසාදනය වූ මාළු ලොරි රථයේ රියැදුරුගේ ඥාතීන් පිරිසකගෙන්ය.
මොවුන් සියලු දෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට සම්බන්ධ පළමු පෙළ ආශ්‍රිතයන් බවද
ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. මොවුන් නිවෙස්වල නිරෝධායනය වෙමින් සිට ඇති අතර
දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණයේදී කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. ආසාදිතයන් වූ අය
අතර පිරිමි තිදනකු හා කාන්තාවන් තිදෙනකු සිටින බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා
පවසයි. පිරිමි තිදෙනා හම්බන්තොට රෝහල වෙත හා කාන්තාවන් තිදෙනා කඹුරුගමුව රෝහල වෙත
ප්‍රතිකාර සඳහා පිටත් කර යැවූ බවද හෙතෙම පවසයි.
මේ අතර හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානය නිරෝධායනය වෙමින් සිටි පොලිස් නිලධාරියකුට ද පෙරේදා
(8දා) කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවද ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත
රෝග විද්‍යාඥවරයා පවසයි. මෙකී පොලිස් නිලධාරියා කළුතර පොලිසියට අනුයුක්තව රාජකාරි කරන අතර
ඔහු අම්පාර, දීඝවාපිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කය කොරෝනා වයිරස ආසාදනය වී ඇති සංඛ්‍යාව 104 දක්වා ඉහළ ගොස්
දකුණු පළාත තුළ දෙවැනි කොරෝනා රැල්ල ආරම්භයේ සිට පෙරේදා (08දා) පස්වරුව වනවිට කොරෝනා
ආසාදිතයන් 168 දෙනකු හඳුනාගෙන ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය
චන්දිම සිරිතුංග මහතා පවසයි.
දකුණු පළාතෙන් නව කොරෝනා ආසාදිතයන් 12 දෙනකු හඳුනාගෙන තිබූ බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා
අධ්‍යක්ෂවරයා පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගීන් 06 දෙනකු, මාතර දිස්ත්‍රික්කයෙන්
රෝගීන් දෙදෙනකු හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් රෝගීන් 04 දෙනකු වාර්තා වී ඇති බවද හෙතෙම පවසයි.
මේ දක්වා කාලය තුළ ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගීන් 111 දෙනකු, මාතර දිස්ත්‍රික්කයෙන්
කොරෝනා රෝගීන් 35 දෙනකු හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගීන් 22කු වාර්තා වී ඇති බවද
පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
ගාල්ල - කමල් විජේහේවා, ගාල්ල - සමන් කළුආරච්චි, රත්ගම - ගුණපාල ඉරත්නවලි
0 Comments