රට තුළ ඉහළ යමින් පවතින COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව පාලනය කරමින් එරට ජාතික සෞඛ්‍ය ආරක්ෂක පද්ධතිය නිසි ලෙස පවත්වාගෙන යාමට යුද හමුදාවේ සහාය යොදාගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව මේ වනවිටත් එරට යුද හමුදා සාමාජිකයන් 2500 දෙනකු COVID-19 වසංගත පාලන මෙහෙයුම් ඇතුළු ක්‍රියාකාරකම් වෙනුවෙන් යොදවා ඇතැයි පැවසෙයි.
මේ වනවිට ස්විට්සර්ලන්තය තුළ දෛනිකව නව කොවිඩ් ආසාදිතයන් 10,000ක පමණ සංඛ්‍යාවක් හමුවන අතර, COVID-19 මරණස70කට වඩා වැඩි සංඛ්‍යාවකින් වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් පසුගියදා නිවේදනයක් නිකුත් කළ ස්විට්සර්ලන්ත රජය, "ම් COVID-19 වසංගතයේ දෙවැනි රැල්ලත් සමඟ අද වනවිට රට තුළ වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙනවා. ඒ නිසා මේ තත්ත්වය පාලනය කිරීමට යුද හමුදාව යෙදවීමට රජය තීරණය කර තිබෙනවා.” යනුවෙන් පවසා තිබේ.
මෙහිදී හමුවන COVID-19 ආසාදිතයන් ප්‍රවාහනය කිරීම සහ ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා යුද හමුදා සාමාජිකයන් යොදවා ගැනීම අරමුණ වී ඇත. පළමු වැනි COVID-19 රැල්ල අවස්ථාවේදීද යුද හමුදා සාමාජිකයන් 8,000ක් යෙදවුණි. එහිදී වෛද්‍ය සේවා සඳහා පමණක් නොව දේශසීමා වැසීමටත් ඔවුන් යොදා ගැනුණි. එම යෙදවීම දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ස්විට්සර්ලන්ත රජය එවැනි ප්‍රමාණයක යුද හමුදා සෙබලුන් පිරිසක් යෙදවූ පළමු අවස්ථාවද විය.
0 Comments